Friday, August 7, 2015

වතුර ලයින් එකට කාණු කපද්දී ජීව අත්බොම්බයක් හමුයෙයි

8/6/2015 7:28 PM

මහියංගන ජලසම්පාදන ව්‍යාපෘතියක් සදහා ජල නල එලිම සදහා කාණු හාරමින් සිටි පිරිසකට මහියංගන පුජානගරයේ බෝකුකුවක් අසල අද දහවල් (06 ) ජීව අත් බෝම්බයක් කම්කරුවන් හට හමු වී ඇත. ඒ සම්බන්දයෙන් මහියංගන පොලිසිය දැනුවත් කිරිමෙන් පසු විශේෂ කාර් ය බළකාය (STF) වෙත දැනුම් දී ඇත් තේ එය විනාශ කිරිම සදහාය.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කරන අතර මෙම ජීව අත්බෝම්බය මෙම ස්ථානයට කව්රුන් විසින් කවදා, කුමක් සදහා ගෙනවිත් දමන්නට ඇතිද යන්න පිළිබද මහියංගන පොලිසිය විසින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.



No comments:

Post a Comment