Thursday, August 13, 2015

කල්ලතෝණි නඩයක් පහුගිය ජනවාරි අටවෙනිදා අපේ රටේ ආණ්ඩු බලය අල්ලා ගත්තා - එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමිත් තේනුක විදානගමගේ මහතා කියයි

කල්ලතෝණි නඩයක් පහුගිය ජනවාරි අටවෙනිදා අපේ රටේ ආණ්ඩු බලය අල්ලා ගත්තා - එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමිත් තේනුක විදානගමගේ මහතා කියයි
8/13/2015 11:07 PM

පුංචිකාලෙ බත් කන්නේ නැතිකොට පොඩිඋන්ට බත් කවාගන්න ඕනවුනාම පුතේ බත්කෑවේ නැත්තං කල්ලතෝණින්ට උඹව දෙනවා,කියනදේ ඇහුවේ නැත්තං කල්ලතෝණින්ට උඹව දෙනවා,වෙලාවට නිදා ගත්තෙ නැත්තං කල්ලතෝණින්ට උඹව දෙනවා කියලා අම්මලා නිතර නිතර කිව්වා. ඒවගේ කල්ලතෝණි නඩයක් පහුගිය ජනවාරි අටවෙනිදා අපේ රටේ ආණ්ඩු බලය අල්ලා ගත්තා.ඒ ආණ්ඩු බලය අරන් මොනවාද කළේ. ජනතාවට පාණ්ඩුව හැදෙව්වා. අපි කරපු සංවර්ධන වැඩ සියල්ල නතර කළා. අනතාඅපේක්ෂා සියල්ල සුනුවිසුනු කරලා දැම්මා. මේකද අපේ රටේ ජනතාව පලාපොරොත්තු වුනු වෙනස.මේකද යහපාලනේ.
පසුගිය අපේ අයවැයෙන් පක්ෂ භේදයෙන් තොරව සියලුම පෙරපාසල් ගුරුවරියන් සඳහා රුපියල් දෙදහස් පන්සියයක දීමනාවක් දෙන්න යෝජනා කළා විතරක් නෙවෙයි සැලසුම් හැදුවා.ඒත් කල්ලතෝණි යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමති රවී කරුණානයක මහත්තයාගේ බජට් එකෙන් පෙර පාසල් ගුරුවරියන් සඳහා රුපියල් දෙසිය පනහක් දෙන්න යෝජනා කළා.තවම ඒක දුන්නෙත් නැහැ.
 අපිපුංචිකාලෙ අපට මතකයි,ආර්ථික අපහසුතා ඇති විවිධ ආබාධ සහිත අයට වගේම කාත් කව්රුවත් නැති අසරණ බවට පත්වුනු දෙන්න  අයට පිං පඩියක් ලැබුණා. ඒකත් රුපියල් දෙසිය පනහක්. මගේ පියා පළාත් සභා ඇමතිකාලෙ එතුමාත් පිංපඩි දෙන්න නිර්දේශ කරලා තියෙනවා. අද ර්කට කියන්නෙ මහජන ආධාර දීමනාව කියලා.ඒකත් දෙසිය පනහට වැඩියි. පෙර පාසල් ගුරුවරුන් කියන්නෙ මහජනාධාර දීමනාවටත් අන්ත දීමනාවක් ලබන්න ඕන අය නෙවෙයි. දෙසිය පනහට මොනවාද ගන්න පුලුවන්.මේ අය ඔවුන් ගැන හිතන් ඉන්නේ යාචකයන් නැත්නම් හිඟන්නියන් හැටියටයි.
  අපේ ආණ්ඩුව කාලෙ අපි පොර පාසල් නගා සිටුවීම සඳහා විමධ්‍යගත අරමුදල් වෙන් කළා.ඒවායින් ගොඩනැගිලි හදලා දුන්නා,පන්ති කාමර සඳහා වුවමනා කරන මේස,පුටු විතරක් නෙවෙයි දරුවන්ට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ පවා දුන්නා. අවුරුද්දෙන් හතරෙන් තුනක් ගෙවුනා.විමධ්‍යගත මුදල් ශත පහක්වත් මේගොල්ලෝ වෙන් කළේ නැහැ.කොහොමද සංවර්ධන කටයුතු කරන්නේ. මෙයාලාගේ බජට් එකෙන් කිව්වා රුපියල් ලක්ෂ සීයක් එක් මන්ත්‍රීවරයෙකුට වෙන්කරනවා කියලා.
 අපේ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිධූරයේ දීර්ගකාලයක් ඉන්න වාසනාගුණයක් නැහැ.හැමදාම එතුමා අගමැතිවුනාම ඉන්නේ බොහොම කෙටි කාළයයි. අපට මතකයි,ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ මරණයෙන් පස්සෙ එතුමා අගමැතිවුනා.ටික කාළයයි හිටියේ.ඉබේම වාගේ විපක්ෂ නායක වුනා.චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති කම් කරන කාලේ අවුරුදු දෙකයි මාස ගානක් අගමැති වෙලා විපක්ෂනායක වුනා.ඊට පස්සේ පසුගිය ජනවාරි මාසෙ අටවෙනිදා ජනමතයක් නැතිව අගමැති වෙලා.ටික කාළයයි. ඡන්දයක් ආවා.මෙදා සැරෙත් එතුමා එතුමාගේම වාර්තාව අලුත් කර ගන්නවා අපහු විපක්ෂනායක වෙලා.
 ඒ විතරද දැනි මෙතුමාලා තරුණ සේවා සභව හරහා රටේ තරුණ,තරුණියන්ට ටයි කෝට්අන්දන්න පුරුදුකරනවා.කොහොමද? තරුණ සේවා සභාව හරහා කොල්ලෝ කෙල්ලෝ දවස් දෙක හමාරෙ කඳවුරුවලට දාලා ටයි,කෝට්,සාරි අන්දලා හැඳි ගෑරුප්පුවලින් කවන්න හදනවා.කොහාටද මේ අපේ තරුණයින් ගෙනියන්න හදන්නේ,ඔවුන්ගේ රැකියා ප්‍රශ්න,ගේ දොර ඉඩ කඩම් ප්‍රශ්න,අම්මා තාත්තාගේ ආර්ථික ප්‍රශ්න,මෙහෙන් වකුගඩු රෝගයෙන් ගෙදර උන් මැරෙන්න වැටිලා,වී වලට මිලක් නැහැ. එහෙම තියෙද්දි ටයි කෝට් අන්දලා හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න දුන්නාම  ප්‍රශ්න ටික අමතක වෙයි කියලා හිතනවා ඇති. ටයි,කෝට අඳින්න කඳවුරු ඕනෙද,අපේ එවුන් බටහිර ගැත්තන් කරන්නයි මෙයාලාගේ බලාපොරොත්තුව. යහපාලනේ ඔක්කො බටහිර පන්නෙට සූට්,බූට් දාලා ඉන්න නිසා මේගොල්ලෝ කොල්ලන්වත් බටහිර ආරෙට අන්දන්නයි යන්නේ අපේ තරුණයින් එහෙම අන්දන්න ටිකක් අමාරුයි කියලා යූඑන්පියේ කට්ටිය දැනගත්තානම් හොඳයි. එන දාහත්වෙනිදාට මේ රටේ තරුණ,තරුණියන්ගේ හා කාන්තාවන්ගේ හයිය ඔය කාටකාටත් හොඳින් බලාගන්න පුලුවන්වේවි.

 මෙලෙස පැවසුවේ මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමිත් තේනුක විදානගමගේ මහතායි. ඒ මහතා එසේ පැවසුවේ මහියංගණ ආසන බල මණ්ඩලයේ කාන්තා හා තරුණ නියෝජිතයින් අමතමිනි.

No comments:

Post a Comment