Saturday, August 29, 2015

දංගෙඩියට ගෙනියන මහිංයගණයේ අපේ රණ විරුවා බේරගන්න ......

දංගෙඩියට ගෙනියන මහිංයගණයේ අපේ රණ විරුවා බේරගන්න ......

මහනුවර ටොරින්ටන් එකෙ උඩ ඉදල තම අයියව (රණවිරුවා) බේරගන්න අත්සන් ලක්ෂයක් එකතු කරනා‍ මේ රණවිරුවගේ සහෝදරයාට ඔබත් අත්සන්න ලබාදි මහියංගණ ආදාඋල්ලත රණවිරුවා බේරාගන්න ඔබත් දායක වන්න .....News @ Mahiyangana

මේ රණවිරුවා ගැන තොරතුරු බිදක් ඔබට පහතින් සටහන් කරමි

දංගෙඩියට ගෙනියන මහිංයගණයේ අපේ රණ විරුවා
11:08 PM 7/17/2015

අන්තර්ජාලය තුළ මේ වනවිට ඡන්ද උණුසුමටත් වඩා උණුසුම් පුවතක් බවට පත්ව ඇත්තේ යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේදී වූ අට පුද්ගල මිනිස් ඝාතනයට චෝදනා පිට සුනිල් රත්නායක නම් වූ යුද හමුදා වර්ණ සැරයන්වරයාට අධිකරණය ඉදිරියේ මරණ දඬුවම් හිමිවීමේ සිද්ධියය.

මෙය රටේම අවධානයකට පාත්‍ර වන්නේ වසර දහතුනක් තිස්සේ විභාග වුණු නඩු විභාගයේ අවසන් නිගමනය ලෙස මරණ දඬුවම හිමිවීමත් සමගය. අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් මරණයට පත්කර රාජ්‍ය දේ‍පොළ විනාශ කළ කොටි සන්නද්ධ අංශයේ ප්‍රබලයන් පවා නිදහස් කිරීමට සාකච්ඡා යෙදෙද්දී සුනිල් රත්නායකට අත්වූ ඉරණම කාගේත් කතාබහට ලක්වූයේය. බන්ධනාගාරගතව සිටින කොටි සන්නද්ධ අංශ නායකයින් මුදාගැනීම සම්බන්ධව රජය හා දෙමළ සන්ධානය සාකච්ඡා අරඹා තිබුණු වකවානුවක මේ නඩුව ඉක්මනින් අවසන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට උපදෙස් ලබා දී තිබුණේය.

ඒ සමග කියවෙන්නට වූයේ මහසෝන් බළකායේ විශිෂ්ට සේවාවක් කළ රණවිරුවකුට මෙකී ඉරණම අත් වූ බවය. මහසොහොන් බළකාය හෙවත් යුද හමුදා විශේෂ බළකායේ දිගුදුර විහිදුම් බළකායට අයත් රණවිරුවකුට අධිකරණය හමුවේ මරණ දණ්ඩනය නියම වූ බව විවිධ මත සමාජගත වන්නට වූයේය.

යුද හමුදා විශේෂ බළකායේ මහසොහොන් බළකාය කොටි ත්‍රස්තවාදී නායකයින්ට පවා භීතිය ගෙනදුන් විශිෂ්ටයන්ගේත් විශිෂ්ටයන් සිටින ඒකකයක් වූයේය. මෙම විශේෂ ඒකකය කොටින්ට කෙතරම් භීතියක් ගෙන දුන්නාද යන්න පසක් වන්නේ 2002 වසරේදී කොටි සංවිධානය සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කරද්දී එහි එක් කොන්දේසියක් වූයේත් මහසොහොන් බළකාය විසුරුවා හැරීමේ කොන්දේසියයි.

මෙකී මහසොහොන් බළකායේ සෙබළකු ‍පෝරකයට යැවීමට පියවර ගෙන ඇතැයි යන චෝදනාව මධ්‍යයේ මේ වනවිට රජයට එරෙහිව දැවැන්ත අන්තර්ජාල මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේය.

මේ නිසාම මේ සිද්ධියට මුහුණ දුන් රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක නම් වර්ණ සැරයන්වරයා සැබැවින්ම ඉටුකළ කාර්යය භාරය සෙවීමට අපි සිතුවෙමු.

සුනිල් රත්නායක යුද හමුදාවට බැඳුණේ් 1995 දීය. යුද හමුදා ආධුනික සෙබළකු ලෙස ඔහු යුද හමුදාවට එක්වූයේ මහියංගණයේ ආදාඋල්පත හද්දා පිටිසර ගමක සිටය. කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව ඊළාම් යුද සටන් දරුණුවට යන වකවානුවක හෙතෙම රටට සේවය කරන්නට යුද හමුදාවට එක්වන්නේය.

ගජබා රෙජිමේන්තුව ඔහුගේ මව් රෙජිමේන්තුව වන්නේය. සතුරා අබිමුව දිවි පරදුවට තබා පෙරමුණට යන්නට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ ඔහු ඇතුළත් වන්නේ යුද හමුදාවේ විශේෂිත බළ සේනාවක් වූ ගුවන් සංක්‍රමණික බළ සේනාවටය. (Air mobile Brigade) ඕනෑම අභියෝගාත්මක අවස්ථාවක ලංකාවේ ඕනෑම තැනකට දියෙන්, ගොඩින් හා මුහුදෙන් ගොස් ප්‍රහාරයකට මුහුණදීමට හැකි සුවිශේෂ පුහුණුවක් ලත් බළසේනාව ලෙස ගුවන් සංක්‍රමණික බළසේනාව හඳුන්වයි. එම බළසේනාවට කර්නල් ජගත් අල්විස් (දැනට මේජර් ජෙනරාල්) අණ දුන්නේය. එම බළසේනාවට අයත් ලුතිනන් කර්නල් ශාන්ත දිසානායක (දැනට බ්‍රිගේඩියර්) අණදුන් හයවන ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සුනිල් සිටියේය. හයවන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන්නා වූයේ මේජර් ජයශාන්ත ගමගේ (දැනට බ්‍රිගේඩියර්)ය. කුඩා කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වන විශේෂ ක්‍රියාන්විත ඛණ්ඩයට අයත් (ඵධන) විමර්ශන කණ්ඩායම ලෙස සටන් පෙරමුණේ සිටියේ කෝප්‍රල් සුනිල් ඇතුළු පිරිසකි. ලුතිනන් කාවින්ද දිසානායකගේ චාලි කණ්ඩායමේ හතළිහක පමණ භට පිරිසක් අතරින් විශිෂ්ටයින් තෝරා එස්. ඕ. පී. රෙකී කණ්ඩායම තෝරාගෙන තිබිණි.

ජයසිකුරු, රිවිරැස යන ප්‍රධාන මෙහෙයුම්වලට එක්වී කිළිනොච්චිය හා යාපනය මුදා ගන්නා ක්‍රියාන්විතවලදීත් මන්නාරම මුදාගත් රණගොස මෙහෙයුමේදීත් සටන් පෙරමුණේ එඩි පෑ රණවිරුවන් අතර මෙකී කණ්ඩායමත් පෙරමුණේම සිටියේය.

1998 - 1999 වකවානුවල මන්නාරමේ ත්‍රස්ත ක්‍රියා මැඬ පවත්වන්නට හොර රහසේ සතුරු බල ප්‍රදේශයට ගොස් සතුරු කඳවුරුවල ඔත්තු බලාවිත් ප්‍රහාර දියත් කරන්නට මෙම එස්.ඕ.පී.රෙකී කණ්ඩායමෙනුත් සුවිශේෂ කාර්යය භාරයක් ඉටු වූයේය.

දෙවන ලුතිනන් සේනක මුණසිංහ සමග විසිහතර දෙනකුගෙන් සමන්විත එස්. ඕ. පී. කණ්ඩායම 2000 වනවිට සිටියේ යාපනයේය. මිරුසුවිල් සිද්ධියේ චෝදනාවට ලක් වූ දෙවන ලුතිනන් මුණසිංහ (දැනට කපිතාන්) කෝප්‍රල් ජී. මුණසිංහ (දැනට බළලත් නිලධාරි 01), ලාන්ස් කෝප්‍රල්වරුන් වන සුනිල් රත්නායක (වර්ණ සැරයන්) ටී. එම්. ජයරත්න (වර්ණ සැරයන්), සෙබළ පුෂ්ප සමන් කුමාර (සැරයන්) යන හයදෙනාත් එස්. ඕ. පී. කණ්ඩායමේ සිටි දක්ෂ ඉලක්ක සපුරාලූ නිර්භීත භටයෝ වූහ.

මෙම කණ්ඩායමේ සියලුදෙනා සටන් පෙරමුණේ තුන් හතර වතාව තුවාල ලබා ඒවා සුව වන්නටත් පෙර සටන් පෙරමුණට පැමිණි අය වූහ. සුනිල් රත්නායක ජයසිකුරු මෙහෙයුම අතරේ තුවාල ලබන්නේ මාන්කුලම්වල මෙහෙයුමකදීය. සතුරු මෝටාර් ප්‍රහාරයක් මුහුණට වැදී කටේ දත් සමග කොටසක් කැඩී යන්නේය. තවත් වරක කකුල හා පිට ප්‍රදේශයට මෝටාර් හා වෙඩි උණ්ඩ වැදෙන්නේ සටන් පෙරමුණේදීය. කිලෝමීටර් ගණන් සතුරු වළල්ල ඇතුළට රිංගා ත්‍රස්තවාදීන්ගේ බංකර් හා කඳවුරු ගැන තොරතුරු සොයාගෙන විත් විස්මිත ප්‍රහාර එල්ල කිරීම මෙම කණ්ඩායමට පැවරුණ රාජකාරි විය.

විශේෂ බළකායේ මහසොහොන් බළකාය ඉලක්ක සපුරාගන්නේ සතුරු බලකොටුවේ කිලෝමීටර් විස්ස තිහ ඇතුළට රිංගා ලබාගන්නා ඉලක්කවලිනි. මෙකී එස්. ඕ. පී. රෙකී කණ්ඩායම්වලට පැවරුණේ කිලෝමීටර් හත, අට ඇතුළට රිංගා තොරතුරු සෙවීම හා පහරදීමය.

සුනිල් ඇතුළු කණ්ඩායම මාදුරුඔය විශේෂ බළකා කඳවුරෙහි 1998 දී මාස තුනක විශේෂ පුහුණුවක් ලැබෙන්නේ සතුරු භූමියේ විමර්ශන මුර සඳහාය. 1997 දී ඇමෙරිකානු විශේෂ බළකා සෙබළුන් ලංකාවේ දුන් සුවිශේෂ පුහුණුවකටද සුනිල් ඇතුළු හයවන ගජබා රෙජිමේන්තුවේ දාහතර දෙනකුට පුහුණුවක් ලැබිණි.

මෙම පුහුණුවීම්වලින් පසුව ඔවුන් ජයසිකුරු ක්‍රියාන්විතය හා උතුරේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කෙරෙන්නේය. 2000 දී අලිමංකඩ හමුදා කඳවුරු අත්පත් කර ගනිමින් කොටි ඇරඹූ නොනවතින රැල්ල මෙහෙයුමෙන් යාපනය අර්ධද්ධීපයත් අල්ලා ගැනීමට යද්දී අපේ විරෝදාර භට පිරිස් දිවි හිමියෙන් සටන් කළ සරසාලෙන් කොටින්ගේ ඉදිරි ගමන නවත්වන්නට සමත් වූහ.

අලිමංකඩ දරුණු පරාජයත් සමග හමුදාව මුහමා‍ලේ ආරක්ෂක වළල්ල යොදාගෙන යාපනය රැකගත් අතර ඉන්පසුව මුහුණ දුන්නේ ඉතාම අවදානම් අසීරු තත්ත්වයකටය. කොටි ත්‍රස්තයෝ සිවිල් වැසියන් සේ පැමිණ ඔත්තු බලාගෙන ගොස් හමුදා ආරක්ෂක වළල්‍ලේ බංකර් හා කාලතුවක්කු අවි ස්ථානගත කළ තැන්වලට නිරන්තර ප්‍රහාර එල්ල කරන්නට වූහ. මේ නිසා ඇතැම් වෙලාවට සෙබළුන්ට දවසටම කෑම ගන්න ලැබෙන්නේ උදේට පමණි. උදේට වැසිකිළියට යන්නට පිටතට යන සෙබළා පණපිටින් නොඑන අවස්ථා එමටය. ඒ තරමට කොටින්ගේ මෝටාර් හා වෙඩි උණ්ඩ ආරක්ෂක වළල්ල වෙත පතිත වූයේය.

මෙවන් වික්ෂිප්ත මොහොතක සටන් කළ ලුතිනන් මුණසිංහ සමග වූ එස්. ඕ. පී. කණ්ඩායමේ විසිහතර දෙනාගෙන් හතරදෙනකු හැර සියලු දෙනා සටන් පෙරමුණේ තුවාල ලදහ.සිවිල් වැසියන් සේ වෙස් වළාගෙන විත් කොටි ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාර හමුවේ එම කණ්ඩායමේ සෙබළු පහක් එකම තැන දිවි පිදූහ. සුළු තුවාල ලද සෙබළුන් තුවාල සුවවන්නටත් පෙර යළිත් කණ්ඩායමට එක්වන්නේ සතුරා පරදන බළවේගයක් වන්නටය.

නොකා නොබි දිවි පරදුවට තබා රට ත්‍රස්තවාදයෙන් ගලවාගන්නට මෙකී සෙබළු සුවිශාල කැපවීමක් කළහ. යාපනය, චාවකච්ච්ෙරි නගරය කොටින්ගෙන් මුදාගන්නට ගුවන් සංක්‍රමණික බළසේනාවට ලද ඉලක්කය සපුරන්නට ඔත්තු බැලීමට යන්නේ කෝප්‍රල් සුනිල් රත්නායක ඇතුළු ඉතිරිව සිටි හතර දෙනකුගේ කණ්ඩායමකි. සතුරා රැඳී සිටි චාවකච්ච්ෙරි නගරයේ රහසිගත තැන්වලින් රිංගා දිවා රෑ නොබලා තොරතුරු ලබාගත් මෙකී කණ්ඩායම ලබාදුන් තොරතුරුවලින් පසු සෙසු කණ්ඩායම්ද සමගිනි. චාවකච්ච්ෙරි නගරය කොටින්ගෙන් මුදාගන්නට දිවි පරදුවට තබා කළ කැපවීම අගයනුවස් රණශූර පදක්කම (RSP) කෝප්‍රල් සුනිල් රත්නායකට පිරිනැමෙන්නේය.

ඉන්පසුව ඉදිරි ක්‍රියාන්විත කරමින් සිටි භට පිරිස් මුහමාම‍ලේ ප්‍රදේශයේ ක්‍රියාන්විත සඳහා ස්ථානගත කෙරිණි. මෙම ප්‍රදේශයේ සිවිල් මිනිසුන් තම නිවෙස් පවා අතැර ගොස් තිබුණේ නිරන්තරයෙන් කොටින්ගේ කාලතුවක්කු හා මෝටාර් පතිත වීමත් සමගය. දෙපාර්ශ්වයේ වෙඩි හුවමාරුවලින් බේරීමට කොටින්ගේ බල ප්‍රදේශවලට රිංගාගත් සිවිල් වැසියන්ට පවා හමුදාව සිටි ප්‍රදේශ වෙත ඒම තහනම් විය. ඒ කොටි ත්‍රස්තයන් සිවිල් වැසියන් සේ පැමිණ ඔත්තු බලාගොස් හමුදා භට පිරිස් සිටින තැන් හා කාලතුවක්කු, මෝටාර් අවි ස්ථානගත කළ තැන්වලට දිගින් දිගටම පහර දෙන්නට වූ නිසාය. රත්නායක ඇතුළු කණ්ඩායමේ බොහෝ දෙනකුගේ ඇඟේ සතුරු මෝටාර් උණ්ඩවලට තුවාල වූ මෝටාර් කැබලි අනන්තවත් වැදී තුවාල වී තිබුණේය. මිරුසුවිල් ෆාම් වත්ත ප්‍රදේශයේ ස්ථානගත වූ භට පිරිස් සිටියේ කොටින්ගේ ආරක්ෂක වළල්ලට කිලෝමීටර් එකහමාරක් පමණ දුරිනි. ඒ අතර අතහැර දැමූ පාළු ගෙවල් හැර වෙන කිසිවකුත් නොවීය. නිතර කාලතුවක්කු, මෝටාර් උණ්ඩ පතිතවන්නට වූයෙන් සෙබළු නිදි වර්ජිතව කාලය ගත කළහ.

මිරුසුවිල් අධි ආරක්ෂිත කලාපය තුළට සිවිල් වැසියන්ට පැමිණීම තහනම් වන්නේ ඔවුන් මෙන්ම සිවිල් වැසියන් මෙන් පැමිණෙන කොටි ඔත්තුකරුවන් කඳවුරුවල ඔත්තු බලාගොස් එල්ල කරන ප්‍රහාර නිසාය. දර අහුලා ගැනීමට හා තම වතුවල එළවළු, පලතුරු කඩාගන්නට මානුෂීය හේතූන් මත මුලින් අවසර ලබාදී තිබුණද සිවිල් වැසියන්ට සීමා පැනවෙන්නේ නිරන්තරයෙන් මේ ප්‍රදේශයේ මෝටාර් උණ්ඩ වැටෙන්නට වීමත් සමගය.

රටම කතාවන ආන්දෝලනාත්මක සිදුවීම වූ මිරුසුවිල්හි අටදෙනා ඝාතනය වන සිදුවීම වාර්තා වන්නේ මේ අතරේය. 2000 දෙසැම්බර් 20 දා මිරුසුවිල් ප්‍රදේශයට පැමිණි නවදෙනාගෙන් අටදෙනකු ඝාතනයට ලක්වීමක් ගැන හමුදාවට චෝදනා නගන්නේ එම පිරිසේ සිට බේරුණු බව අධිකරණය හමුවේ සාක්ෂි දෙන මහේෂ්වරන්, නමැත්තාය. තමා ඇතුළු නවදෙනකු අධි ආරක්ෂිත කලාපය තුළ දර එකතු කරමින් සිටින අතරතුර යුදහමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි කණ්ඩායමක් විසින් තමන් ඇතුළු නවදෙනාට පහර දී රෙදි පටිවලින් දෑස් බැඳ වෙනත් තැනකට රැගෙන ගිය බව මහේෂ්වරන් කියන්නේය. ඉන්පසුව තමාව වැටකින් ඔසවා අනෙක් පසට විසිකරද්දී දෑස් බැඳ දමා තිබූ රෙදි කැබැල්ල එම වැටේ පැටලී වටපිටාව දැකගත් බව ඔහු කියන්නේය. ඉන්පසුව වැසිකිළි වළක් අසලට තමා ගෙනයද්දී එම වැසිකිළිවල අසල විශාල මන්නා පිහියක් අතින් ගත් පුද්ගලයකු සිටගෙන සිටින ආකාරයත්, වළ තුළ කිසිවකු දඟලන ශබ්දයක් ඇසීමත් නිසා බියට පත්වී තමා එතැනින් පැන ගිය බවත් මහේෂ්වරන් සාක්ෂි දෙන්නේය.

අඳුරේ තමා ලුහුබැඳ ආ කණ්ඩායම්වලින් මිදී පලායන මහේෂ්වරන් තම පවු‍ලේ අය හමුවට ගොස් ඊ. පී. ඩී. පී. නියෝජිතයින් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් සමග දින හතරකට පසුව මෙකී සිදුවීම වූ ප්‍රදේශයට පැමිණෙන්නේය. එම ස්ථානය තුළ එළුවකු හම ගැසූ බවට සාක්ෂි ලැබෙන අතර වළ තුළ කිසිදු මළ සිරුරක් නොවිණි.

ඊ. පී. ඩී. පී. සංවිධානයේ බලපෑම මත එවකට සිටි හමුදාපතිවරයා යුද හමුදා ‍පොලිසියට මේ සම්බන්ධ විමර්ශන භාර දෙන්නේය. යුදහමුදා ‍පොලිසියේ මේජර් සිඩ්නි සොයිසා ඇතුළු පිරිසක් විසින් ඇරඹූ හමුදා විමර්ශනයකට අනුව සුනිල් රත්නායක ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගන්නේ මේ අනුවය. ඉන්පසුව මේජර් සිඩ්නි සොයිසා ඇතුළු පිරිස මහේෂ්වරන් සමග අතුරුදන් වූ අට දෙනාගේ මළසිරුරු මිහිදන් කර තිබියදී සොයා ගත්තේය. ඒ අතර පස් හැවිරිදි ළමයකුගේ සිරුරක්ද වූයේය. වැසිකිළි වළවල්වල තිබි සොයාගත් බව කියන මෙම පිරිසට අයත් පාපැදි වගයක්ද මේජර් සොයිසා අධිකරණයට ඉදිරිපත් කරන්නේය. මේ අනුව වසර දහතුනක් තිස්සේ දිග් ගැසෙන නඩුව නිසා සුනිල් රත්නායක ඇතුළු පස්දෙනා අවුරුදු දෙකකුත් මාස එකොළහක් තිස්සේ හිරබත් කන්නේ යුදහමුදා ‍පොලිසියේ නිලධාරීන් මෙම පිරිසගෙන් බලෙන් ලබාගත් බව කියන කට උත්තරද පදනම් කරගෙනය.

2000 දෙසැම්බර් 24 හා යුද හමුදා ‍පොලිසියේ මේජර් සිඩ්නි සොයිසා මහේෂ්වරන් සමග තමන් සිටි තැනට පැමිණි අවස්ථාවේ මහේෂ්වරන් තමා ඇතුළු පිරිස දුටු බවත්, මේජර් සොයිසා පැවසූ අයුරින් තමන් කිසිවිටෙකත් මිනී වළක් හෝ බයිසිකල් තිබූ තැනක් නොපෙන්වූ බව පළමු විත්තිකරු අධිකරණය හමුවේ කියා සිටියේය.

එවකට පැවැති වාතාවරණය මත ඊ. පී. ඩී. පී. සංවිධානයෙන් එල්ල වූ බලපෑම මත කවුරුන් හෝ ඉදිරිපත් කළ යුතුව තිබූ බැවින් යුද හමුදා ‍පොලිසියේ නිලධාරීන් තමන් පැටල වූ බව මොවුහු අධිකරණය හමුවේ පෙන්වා දුන්හ. එවකට ඊ. පී. ඩී. පී. සංවිධානය උතුරේ බලවත් වීමත් උදයන් ඇතුළු පුවත්පත් ලබාදුන් ප්‍රචාරයත් නිසා කවුරුන් හෝ අත්අඩංගුවට ගත යුතුව තිබුණේය.

අවසානයේ මහේෂ්වරන්ගේ සාක්ෂියේ වූයේ තමා අත්අඩංගුවට ගැනුණු මොහොතේ සුනිල් රත්නායක එතැන සිටීම ගැන පමණි.

තම කණ්ඩායම මේජර් සොයිසා විසින් මහේෂ්වරන්ට පෙන්වූ මොහොතේ ප්‍රදේශයේ ග්‍රාම සේවකවරයා සමග සිටි ඊ. පී. ඩී. පී. සාමාජිකයන් හමුදා සෙබළුන්ගේ ඡායාරූප ගෙන තිබිණි. නැවත අධිකරණය වෙත ගෙනයද්දීත් දෙමළ මාධ්‍ය මගින් ඡායාරූප ගෙන තිබිණි. මහේෂ්වරන් හඳුනා ගැනීමේ පෙරට්ටුවේ සුනිල් හඳුනාගත්තේ මේ සියලු ඡායාරූප ගත කිරීම්වලින් දින ගණනකට පසුවය.

මෙකී පරස්පරතා මධ්‍යයේ වසර 13ක් තිස්සේ කතා කෙරුණු සෑම නඩු වාරයකටම නීතිඥවරුන්ට රුපියල් විසිපන්දහස බැගින් ගෙවන ලද්දේ පස්දෙනා තම වැටුපෙන් පන්දහස බැගින් එකතු කරමිනි. මසකට නඩුවාර හතර පහ කතා කෙරෙද්දී තම කණකර පවා උකස් කරන්නට මොවුනට සිදුවන්නේය. මිනීමැරුම් කිසිසේත් අනුමත කළ නොහැකි මුත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ක්‍රියා කළා නම් ඔවුනට සාධාරණය ඉටුවිය යුතුව තිබිණි.

යුද බිමේ අනේක දුක් කම්කටොළු බාධක මැද රට වෙනුවෙන් තම ඇස්, ඉස්, මස්, ‍ලේ දහදිය හැළුෑ මෙකී විරුවන් අතරින් සුනිල් රත්නායක ‍පෝරකයට නියම වී හමාරය. අනෙක් සිව්දෙනා නිදොස් කර නිදහස් වූහ. අද සුනිල්ගේ තුන් හැවිරිදි තරුෂි ඉරෝෂනා දියණිය සිය පියා සොයද්දී කාංචනා කුමාරි වන සුනිල්ගේ බිරියට දීමට උත්තර නැත. ඇය කඳුළු වගුරුවමින් දැන් සටන් කරන්නේ ජනාධිපති සමාවකින් හෝ තම සැමියා නිදහස් කරගන්නටය. ඔවුහු ලබන සතියේ අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමටද කටයුතු කරමින් සිටිති.

ශ්‍රී ලාංකේය දේශයට සාමය උදාකරලීමේ අදිටනින් යුද්ධයට කැපවී ‍ලේ, මස් දන් දෙමින් වෙඩි උණ්ඩවලට මුහුණදුන් රණශූර පදක්කමින් පුද ලද සුනිල් රත්නායකට යුක්තියේ දෙවොල (Temple of Justice) ඉදිරියේ යුක්තිය ඉටුකිරීම හෝ ජනාධිපතිවරයාගේ විශේෂ සමාවක්

No comments:

Post a Comment