Tuesday, August 4, 2015

දරුවන් ප්‍ර වේශම් කර ගන්න

මහියංගනයේ බස්රථවලට ගේන ආහාර කන්නේ බලාගෙනයි-විශේෂයෙන් දරුවන් ප්‍ර වේශම් කර ගන්නා මෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් ජනතාව දැනුවත් කෙරේ

8/4/2015 8:50 PM
මහියංගනයේ නගරය පුරා හා බස්රථ වල වෙත රැගෙන එන ආහාර ද්‍රව්‍ය මිළදි ගැනිමේදි විශේෂයෙන් මහජනතාව හා දරුවන්ගේ දෙමාපියන් දැනුවත් වන ලෙස මහියංගන සෞඛ වෛද්‍ය නිළධාරිකාර්යාලයේ මහජන සෞඛ පරික්ෂක මහතුන් දැනුවත් කෙරේ.
එයට හේතුව වන්නේ කුඩා කැබලි වලට කපා විකිණිම සදහා ගෙනවිත් තිබු අන්නාසි තොගයක් පරික්ෂා කිරිමේදි ඒ සියල්ලම නරක්ව තිබු බවත් අලෙවිය සදහා... කිසිසේත්ම එම අන්නාසි සුදුසු නොවු බව පරික්ෂා කිරිමෙන් අනතුරුව මහජන සෞඛ පරික්ෂක මහතුන් තිරණය කෙරින. සියල්ලම ඉවතදැමිය යුතු මට්ටමට නරක් වි තිබින.
මෙම අන්නාසි ගෙන්වා විකිණිම සදහා ක්‍රියා කල පුද්ගලයින් සදහා නිතිය ක්‍රියත්මක කිරිමට මහජන සෞඛ පරික්ෂක මහතුන් ක්‍රියා කග අතර හෙට දිනයේදි (05) මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මහියංගන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය සි පි ලොකුගිගන මහතාගේ අධික්ෂණයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක ආර් එම් තනුජ ප්‍රදිප් විජේසෝම හා ඒ එම් අබේසේකර යන නිළධාරින්ගේ විසින් තවදුරටත් මෙවැනි වැටලිම හා පරික්ෂාකිරිම් තවදුරටත් සිදු කිරිමට නියමිතව තිබේ.





No comments:

Post a Comment