Wednesday, August 12, 2015

නාගදිප වැව් රක්ෂිතයේ මහා වන සංහාරයකට තැතක් - ව්‍යාපාරිකයාට විරුද්ධව ගම්මු පාරට බසිති

නාගදිප වැව් රක්ෂිතයේ මහා වන සංහාරයකට තැතක් - ව්‍යාපාරිකයාට විරුද්ධව ගම්මු පාරට බසිති
8/12/2015 7:47 PM
නාගදිප වැව් රක්ෂිතයේ අක්කර 112ක විශාල බිම්කඩක අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරිම සදහා විශාල වන සංහාරයක් සිදු කිරිමට යෑම හා නාගදිප වැව දූෂණය විමේ අවදානමක් ඇතැයි පවසමින් අද දහවල් (12) ගම්වාසින් විශාල පිරිසක් එක්ව එම ව්‍යාපාරිකයාට එරෙහිට විරෝධතාවයක් නාගදිප මංසන්දියේදි පැවැත් වු අතර පසුව එම පිරිස අදාල භුමිය වෙත මාර් ගයේ විරෝධතාවයේ යෙදෙමින් පැමිණ එම භූමිය ඉදිරිපිටද විරෝධතාවයේ නිරත විය. එම මොහොත වන විටත් එම ස්ථානයේ සේව කරමින් සිටි දෙදෙනෙකුට ගම්වාසින්ගේ විරෝදතාවය එල්ල වු අතර එයට හේතුව වුයේ ඊයේ දිනයේ වනසංරක්ෂණ නිළධාරින් පැමිණ එම භුමයේ හෙලිකිරිම් නවතා දමන ලෙස නියෝග කර තිබුනද අද (12) දිනයේද නිළධාරින්ගේ අණ නොතකා එම රක්ෂිත භූමයේ විවිධ සංවර් ධන ක්‍රියා කරාකම් සිදු කිරිම හේතුවෙනි. නාගදිප ගම්වාසින්ගේ පොදු සුසාන භූමියද මෙම ව්‍යාපාරිකයාගේ අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ භුමි කොටසට ඇතුලත්ව තිබිම හේතුවෙන් ඉදිරියේදි ගම්වාසින්ගේ මෘත දේහ භුමදානය කිරිමටද නොහැකි තත්වයක් උදාවන බවට ගම්වාසින් චෝදනා කරති.









No comments:

Post a Comment