Sunday, August 9, 2015

2015 මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන රැස්වීමක් මහියංගන නගරයේදි


රටට වෙනුවෙන් නව ගමනක් - අපේ දේශයේ හෘද සාක්ෂිය යන මැයින් 2015 මහ මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුනේ ඌව පළාත් අපේක්ෂකයන්ගේ විජයග්‍රහණය වෙනුවෙන් ඌව පලාතේ කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතාගේ හා පක්ෂ නායක අනුරකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් ඊයේ (08) සවස 3.30ට මහියංගණ නගරයේදී පැවැත් වින.‍
මෙම ජන හමුව සංවිධානය කර තිබුනේ ජනතා විමුක්ති පෙරමුනේ මහියංගනයෙන් තරග වදින සුදත් බලගල්ල අපේක්ෂක තුමන් විසිනි.
මෙම ජනහමුවේ කථිකයන් ලෙස ප්‍රවීණ රංගන ශිල්පිනියන් හා චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරුන් හා මහාචාර් ය වරුන් දේශන ඉදිරිපත් කරන ලදී.
මෙම ජන හමුව සදහා ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රා දේශීය දේශපාලන නායකයන් අපේක්ෂකයන් පාක්ෂිකයන් හා නගරවාසින් විශාල පිරිසක් සහබාගිවි සිටියේය.







No comments:

Post a Comment