Thursday, July 30, 2015

පසුගිය 27 දින අලිකදුරේ දිය නෑමට ගිය පුද්ගලයා දියේ ගිලි මිය ගිහින් මරණය හමුවෙයි

 2015-07-30 ප.ව. 10:56

මිතුරන් පිරිසක් සමග පසුගිය 27 සවස මහියංගණ අලිකදුර වැවේ දිය නාමින් සිටියදී ජලයේ ගසා ගෙන ගොස් අතුරුදන්වූ පුද්ගලයාගේ මළ සිරුර පසු දින (28) උදෑසන 10.00 ට පමණ දියනෑ ස්ථානයට මීටර් 30 ක් පමණ ඈතින් දිය යට තිබියදී ප‍්‍රදේශවාසී තරුණ පිරිසක් විසින් ගොඩ ගත් බව මහියංගණ පොලීසිය පවසයි
මෙම සිද්ධීයෙන් මිය ගියේ මීගහකිවුල අකුරුකඩුව පදිංචි රම්‍ය ලලිත් තිසේරා වයස 52 නැමැති සිව් දරු පියෙකි...
පසුගිය 27 වන දින සවස් වරුවේ තම මිතුරන් පිරිසක්ද සමග මැදඔය අලිකදුර වැව තොටුපලේ දිය නාමින් සිටියදී හිටි වනම දියේ ගිලී අතුරුදන්වූ මෙම පුද්ගලයාගේ සිරුර සොයා ප‍්‍රදේහවාසීහු පැය 18 කට ආසන්න කාලයක් දිය යට පරීක්ෂා කර ඇති අතර 28 දින උදෑසන 10.00 ට පමණ ඔහුගේ මළ සිරුර දිය නෑ ස්ථෘනයට මීටර් 30 ක් පමණ ඈතින් ජලාශයේ පතුලේ තිබී ප‍්‍රදේශවාසීන් පිරිසක් විසින් ගොඩට ගෙන ඇත.
මළ සිරුර ගොඩ ගනු දැක ගැනීම සදහා ඒ අවස්ථාවේ ප‍්‍රදේශවාසීහු අති විශාල පිරිසක් එම ස්ථානයට රැුස්ව සිටි අතර සිරුර ඒ වන විටත් ඉදිමි තිබිණ.
එම ස්ථානයට පැමිණී මහියංගණ හදිසි මරණ පරීක්ෂක කේ රුබසිංහ මහතා මෙය සැක කටයුතු මරණයක් බැවින් මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට මළ සිරුර මහියංගණ අධිකරන වෛද්‍යයවරයා වෙත යොමු කල අතර මහියංගණ පොලීසියේ පොලිස් කොස්තාපල් එන් එම් නවරත්න (54104) මහතා සාක්ෂී මෙහේයවීය
මහියංගණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි


No comments:

Post a Comment