Wednesday, August 5, 2015

බයිසිකලය බේරන්ඩ ගොස් දොස්තරගේ කාර් එක පාරේ කොන්ක්‍රිට් කණු පෙරලගෙන යයි

 11:06 PM 8/5/2015

සොරබොර වැව පාරේ සිට පැමිණි පාපැදි කරුවෙකු මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයට හදිසියේ පිවිසිම හේතුවෙන් අද උදැසන (05) ගිරාදුරුකෝට්ටේ දෙස සිට පැමිණි කාරයක ගැටිමට ගොස් පාපැදි කරු බේරා ගැනිමට උත්සහ දැරිමේදි ...
කාර් රථය මාර්ගයේ මැදු වු කොන්ක්‍රිට් කණුවක ගැටි බරපතල ලෙස හානියට පත් විය. පාපැදි කරු පාපැදියෙන් වැටි සුලු සීරිම් තුවාල ලැබිය.

මෙසේ අනතුරට පත්වුයේ මහියංගන මුලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ කාර් රථයකි. වෛද්‍යවරයෙකුගේ කාර් රථය බරපතල ලෙස අලාභ හානි සිදු විය. මෙම අනතුර සිදු වුයේ පාපැදි කරු ප්‍රධාන මාර්ගයට පාපැදිය අපරික්ෂා කාරි ආකාරයෙන් හදිසියේ පිවිසිම හේතුවෙනි.
වෛද්‍යවරයාගේ බලවත් උත්සාහයෙන් මෝටර් රථය යතුරුපැදිය ගැටිම වලක්වා ගන්නට සමත්ව ඇත



No comments:

Post a Comment