Wednesday, August 26, 2015

රැහේ උරුමය රැකගෙන මී පැණියෙන් බුදුන් පුදන මහ පින් ඇත්තෝ.

දළදා සමිඳුන් වෙනුවෙන් වාර්ෂිකව සිදුකරන මී පැණි පූජාව ආදී වාසී නායක තුමා සහ පිරිස සමඟින් අද දිනයේ සිදු කෙරිණි.
‍මෙම අවස්ථාව සඳහා ශ්‍රී දළදා මාළිගා‍වේ ගරු දියවඩන නිළමේ තුමා‍ගේ සහභාගීත්වයද ලැබිණි.එමෙන්ම මී පැණි පුජා‍වෙන් අනතුරුව දියවඩන නිළමේ තුමන් විසින් අාදි වාසී නායක තුමා ප්‍රමුඛ පිරිසට තෑගි බෙ‍ා්ග ලබා‍දෙන ලදී.
ආදිවාසී පරපුර දන්ත ධාතූන්වහන්සේ තැන්පත් කළ දා සිටම අද දක්‌වාම දළදා පෙරහැර මංගල්යයේ පළමු රන්දෝලි පෙරහැර පැවැත්වෙන දා අලුයම දළදා වහන්සේට මී පැණි පූජාව පවත්වති.
වසර පුරාම බිඳෙන් බිඳ ලබු කට්‌ටේලා රැස්‌කළ මී පැණි කෙණ්‌ඩියක රුවා ගෙන ගෙන එයි. ආදිවාසීන්ගේ ඩහදිය මහන්සියෙන් රැස්‌ කර ගන්නා අග්‍රඵලය නොයිඳුල් මී පැණි කොටස ශබ්ද නගා ගාථා කියමින් පූජා කරයි.
එමෙන්ම ‍ආදී වාසි පිරි‍සහෙි මෙම පුණ්‍ය කර්මයට සුවි‍‍‍ෂේශී වටිනාකමක් හිමිවෙන අතර බුද්ධ දේශනාවේදී දක්‌වා ඇති දානමය අනුහස්‌ අතරේ මිහිරිතම ආහාර පාන පූජා කිරීමෙන් සෙසු ආත්මවලදී මිහිරි කටහඬක්‌ උරුම වෙයි. දීප්තිමත් ශරීර වර්ණයක්‌ සහ නිරෝගී සමක්‌ ලැබෙයි. අන් අයගේ ප්‍රරසාදය සහ ප්‍රසන්න බවින් යුත් ජීවිතයක්‌ හිමිවෙයි. දීර්ඝ ආයුෂ ලැබෙයි. සැපය, බලය ප්‍රඥව හිමිවෙයි.
මුතුන් මිත්තන්ගේ පටන් ආදිවාසීහු බුදුන්ට මිහිරි මී පැණියෙන් දන් පිළිගන්වති. පූජා කරති. සෙසු ආත්මවලදී ඔවුහු එහි ආනිශංස ලබ‍ාගැනීමටද බලා‍පොරොත්තු වෙති



No comments:

Post a Comment