Tuesday, August 4, 2015

පුද්ගල මල සිරුරක් මාර්ගය අයිනේ

8/4/2015 10:26 AM

ගිරාදුරුකෝට්ටේ අලුත්තරම පාලම අසල මාර්ගයේ අද උදැසන (04) වෙළෙදසැලක් අසල ගමන් බෑගයක් සමග පුද්ගල මලසිරුරක් හමු වු අතර ඒ සම්බන්දයෙන් ගම්වාසින් ගිරාදරුකෝට්ටේ පොලිසිය දැනුවත් කිරිමෙන් පසු පොලිස් පරික්ෂණ ආරම්භ වී ඇත.
ඒ අනුව මියගිගොස් සිටි පුද්ගලයා මහියංගන , අලුත්තරම , විරානගම ගම්මානයේ අංක53 නිවසේ විසු උස්ලියනගේ දොන් ප්‍රේමදාස ලියනගේ යන වයස 61 පුද්ගලයෙක් ලෙස පවුලේ දරුවන් හා ඥාතින් විසින් හදුනාගනු ලැබිය. ඔහු දරුවන් 4 දෙනෙකුගේ පියෙකි....
මියගිය තැනැත්තාගේ දියනියගේ කොළඹ කඩුවෙල නිවසට ගොස් පැමිනෙමින් සිටියදි මෙම අවාසනාවන්ත මරණය රාත්‍රි සිදු වි ඇති අතර මරණය සිදුවුයේ කෙසේද යන්න පිළිබද පැහැදිලි නොමැති බව පව්ලේ ඥාතින් පවසති.
පොලිස් පරික්ෂණ හා පශ්චාත් මරණ පරික්ෂණ පැවැත් විමට නියමිතව තිබේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ ගිරාදුරුකෝට්ටේ පොලිස්ථානාධිපති මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.
 




No comments:

Post a Comment