Sunday, August 16, 2015

රිදිමාලියද්දේ මොරාන ජලාශ ව්‍යාපෘතියෙන් ගම්මුන්ට පිඩා, ඒ මදිවට නිළධාරන් ගම්මුන්ට විරුද්දව පොලිසියති.

රිදිමාලියද්දේ මොරාන ජලාශ ව්‍යාපෘතියෙන් ගම්මුන්ට පිඩා, ඒ මදිවට නිළධාරන් ගම්මුන්ට විරුද්දව පොලිසියති. පොරොන්දු වු පරිදි වන්දි දීලා නෑ, ගම්වාසින්ගේ වගා භූමිවලින් පස් කපන්ඩ පටන් ගෙන ගම්වාසින්ඩ වගා කරන්ඩ භුමියක් නොමැතිව අන්ත අසිරුතාවයකට පත් වෙලා. බඩ ඉරිගු කරලක් වගාකරගන්ඩ ක්‍රමයක් නොමැතිව ගම්මු අසරණ වෙයි.

2015-08-16 පෙ.ව. 9.59

ශ්‍රිලංකාවේ දිලිදුකම්න් ඉහල ග්‍රාමිය ජනතාවක් වෙසෙන රිදිමාලියද්ද ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ‍  මොරාන ග්‍රාම නිළධාරි වසමේ මේ වන විට වසර 3කට පෙර ආරම්භ කරන ලද මොරාන ජලාශ ව්‍යාපෘතිය මගින් මේ වන විට ගම්මානයේ ගම්වාසින් හට මහත් පීඩා ගෙන දෙන බවත් ව්‍යාපෘතියේ නිළධාරින් හා දේශපාලන නායකයන් පො‍රොන්දු වු ආකාරයෙන්  ජලාශය සදහා යටවන ඉඩම් සදහා වන්දි ලබා නොදිම හා ජලාශයට යට වන ඉඩම් සදහා නව ඉඩම් ලබා නොදිම හේතුවෙන් ගම්මානයේ පවුල් 106ක් සදහා බලවත් අසාදාරණයකට ලක්වි ඇති බවට ගම්වාසින් චෝදනා කරති.  
පොරොන්දු වු ආකාරයෙන් වන්දි හා ඉඩම් ලබාදිමට නිළධාරින් අපොහොසත් විම මෙම ගැටලුවට මුල් වි ඇති අතර සති තුනක පමණ කාලයක සිට මෙම ව්‍යාපෘතිය ජනතා ගැටලු හේතුවෙන් දැනට නවතා දමා ඇත.
උල්හිටිය ඔය හරස් කරමින් , කෙසෙල්පොත ප්‍ර දේශයේ රොටවැව සදහා ජලය ගෙන යෑම සදහා මෙම මොරාන ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කල අතර ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 15000කි. එමගින් අක්කර 1800ක් අස්වැද්දීමට අපේක්ෂා කෙරෙනවා. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 170ක්. 
මොරාන, පෙතියාගොඩ, මහලුණුක යන ග්‍රාම සේවා වසම් තුනක හා යල මහ කන්න දෙකම වගාවන් සදහා ජලය සැපයු ඇල්හේන ව්‍යාපාය, නෙලුව ව්‍යාපාරය, දෙමෝදර ව්‍යාපාරයේ (ව්‍යාපාර තුනක) කුඹුරු යට කරමින් ජල ව්‍යාපාර තුනක පවුල් 106ක් මෙම ජලාශය හේතුවෙන් ඉඩම් අහිමි වන අතර ඒ සදහා වන්දි හා ඉඩම් ලබාදිමට නියමිතව තිබේ. ව්‍යාපෘතිය ආරම්භකර වසර 3කට අධික කාලයක් ඉක්ම ගියද පොරොන්දු වු ආකාරයෙන් වන්දි හා ඉඩම් ලබාදිමට නිළධාරින් අපොහොසත් විම මෙම ගැටලුවට මුල් වි ඇති අතර සති තුනක පමණ කාලයක සිට මෙම ව්‍යාපෘතිය ජනතා ගැටලු හේතුවෙන් නවතා දමා ඇත.

වාරිමාර්ග නිළධාරින් විසින් ගම්වාසින්ට විරුද්දව මහියංගන පොලිසියේ  පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඔහුන් පවසන්නේ නිළධාරින්ගේ රාජකාරිවලට ගම්වාසින් බාදා කරන බවකි. ඒ අනුව ගම්මානයේ ගම්වාසින් පැමිණිල්ල විභාග කිරිම සදහා පොලිසිය විසින් කැදවා තිබු අතර  14 දින මහියංගන පොලිසියට ගම්වාසින් 42ක් බසයක් (බසයේ කුලිය රුපියල්  6000කි - අසරණ ගම්වාසින් එම මුදල බස්හිමියාට ණයට ගනිමින්)  මගින් මහියංගන පොලිසියට පැමිණියේය.
 ජලයෙන් යට වන ඉඩම් සදහා නව ඉඩම් ලබා නොදි ගම්වාසින් එම භුමිවල ජිවත් ව සිටියදි මේ වන විට වැවේ බැම්මා සැකසිම සදහා ගම්වාසින්ගේ වගා භුමිවලින් විශාල ලෙස පස් කැපිම සිදු කිරිම හේතුවෙන් මෙතෙක් කල් ජිවත් වීම සදහා සිදු කල වගාවන් ( බඩ ඉරිගු හා හේන් වගාවන්  ගම්මිරිස් කජු ) සිදු කරගැනිමට නොහැකිව ගම්වාසින් විශාල ලෙ ආර් ථික වශයෙන් ආදායම් නොලබන තත්වයකට පත්ව අති අතර තම පවුල් හා දරුවන් ජිවත් කරවිමට මහත් සේ දුක් විදිමට සිදු ව ඇතැයි ගම්වාසින් චෝදනා කරති.
 එසේම ව්‍යාපෘතිය පටන් ගැනිමට පෙර නිළධාරින් හා දේශපාලන නායකයන් ගම්වාසින්ට පවසා ඇත්තේ ගම්වාසින්ට ප්‍රමුඛස්ථානයක් ලබා දෙමින් රැකියා අවස්ථා ලබා දෙන බවත් ගම්වාසින්ගේ වාහන මෙම ව්‍යාපෘතිය සදහා ( ලොරි හා ට්‍රැක්ටර්) ලබාගන්නා බවත් වන අතර මේ වන විට සියලු වාහන හා කම් කරුවන් පිටස්තරයෙන් ගෙන්වන ඒවා විමෙන් ගම්වාසින් හට එමගින් ද බලවත් අසාදාරණයක් වි ඇති බවයි.
දේශපාලන නායකයන්, වාරිමාර්ග නිළධාරින්ගේ සිට දිස්ත්‍රික් ලේකම් තුමන් දක්වා රජයේ නිළධාරින් ගම්වාසින්ව සැම විටම රැවැට්ටු බවටද ගම්වාසින් චෝදනා කරති.
 එමෙන්ම මුලින් සැළසුම් කල පරිදි විශාල ජල ධාරිතාවයක් රදවා ගත හැකි වන ලෙස වේල්ලේ දිග කිලෝමිටර් 1.5ක් පමණ දිගු එකක් වන අතර ඒ සදහා විශාල මුදලක් රජයේ මුදල් වැය කර මිනුම් කටයුතු සිදු කර පසුව මිටර් 800ක් තරමට වේල්ලේ දිග අඩු කර කුඩා ප්‍රමාණයේ වැවක් තනන බව ගම්වාසින් පවසති.












No comments:

Post a Comment