Wednesday, August 12, 2015

ජවිපේ මහියංගන ජනහමුවේ (August 8 ) අනුර කුමාර දිසානායක මහතාගේ කථාව


2015-08-12 ප.ව. 7.17
මේ අපේ ජීවිත කාලෙ පළමුවැනි ඡන්දෙ නෙවෙයි.අපි ආණ්ඩු හදන්න ඡන්දෙ දුන්නා.මාරු කරන්න චන්දෙ දීලා තිබෙනවා.නායකයො ගේන්න ඡන්දෙ දීලා තිබෙනවා.නායකයො යවන්න ඡන්දෙ දීලා තිබෙනවා.අවුරුදු හැට හතක් මුලුල්ලේම අපේ අත්තලා,අපේ අම්මලා,අපේ තාත්තලා ආණ්ඩු හදලා තියෙනවා,හදපු ආණ්ඩු ආපසු යවලා තියෙනවා.මහත් බලාපොරොත්තු තියාගෙන ආපහු ආණ්ඩු හදලා තියෙනවා.හැබැයි මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ.අපේ ජීවිත එක තැනක පල් වෙමින් තිබෙනවා.අපේ ප්‍රශ්න එක තැනක වේලෙමින් තිබෙනවා.ඒ නිසා අද අපේ රටට අලුත් ආණ්ඩුවක් ඕනෑ කරනවා.ඒ අන් කවර අණ්ඩුවක්නත් නෙවෙයි,අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් ගොඩනගා ගැනීමේ වුවමනාවක් මේ අගෝස්තු මාසේ දාහත් වෙනිදා අපේ රටේ ජනතාවට තිබෙනවා.අපි තමුන්නාන්සේලාට කියන්න ආවේ ඒ පණිවිඩය.ය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා මහියංගණ නගරයේදී පැවැති ජනහමුවකදීය.
තවදුරටත් අදහස්දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,
මේ අගෝස්තුමාසෙ දාහත්වෙනිදා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දයක් දීලා මේ රටේපාලන බලය ජනතා විමුක්ති පෙරමුණට අත්පත් කර කරලා දෙන්න කටයුතු කරන්න. පාලන බලය අත්පත් කරලා දෙන්න බැරිනම්.තව අවධානය යොමු කරන්න ඕනෙ නම්,තව අධ්‍යයනය කරන්න ඕනෙ නම්,තව බලන්න ඕන නම්, මේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක්ජනතා විමුක්ති පෙරමුණට දෙන්න.ඇයි? වෙන දෙන්න ඉන්නේ කව්ද?කාටද වෙන දෙන්නේ? මහින්ද මහත්තයාගේ පෙරමුණ තිබෙනවා.මහින්ද මහත්තයා මීට පෙර වේදිකාවකදි කිව්වා,එයා ඉන්න කාලෙදී වැරදි කරා වැරදි කරපු අය ආරක්ෂා කරා,වැරදි කරපු අයට දඬුවම් දුන්නේ නෑ,ඒක තමයි එතුමා කරපු ලොකුම වැරැද්ද කිව්වා.දැන් අහනවා අපි මහින්ද මහත්තයාගෙන් ඔබතුමා ඉන්න කාළෙ වැරදි කරපු කිසිවෙක් අද මේ නාම යෝජනා පත්‍ර වල නැද්ද? ඔබතුමා ඉන්න කාළෙආරක්ෂා කරපු කිසිවෙක් අද මේ නාම යෝජනා පත්‍ර වල නැද්ද ? නෑ ඔක්කොම අද .මේ නාම යෝජනා පත්තරේ පිරිලා ඉන්නවා.ඒ නිසා රාජපක්ෂ මහත්තයාත්,රාජපක්ෂ මහත්තයා වටේ හිටපු කල්ලියත් නැවත බලය අත්පත් කරගැනීම සඳහා පෙරමුණකට ඇවිල්ලා ඉන්නවා.ඇයි රාජපක්ෂ මහත්තයා දේශපාලනයට එන්නෙ? එක් දහස් නවසිය හැත්තෑවේදී රාජපක්ෂ මහත්තයා මන්ත්‍රී ධූරයට පත් වෙනවා.එතකොට අවුරුදු විසි පහේ කොලු ගැටයා, අවුරවුරුදු විසි පහයි මීට අවුරුදු හතලිස් පහකට කළින්,ඊට පස්සේ ඇමති වුනා.ඊට පස්සෙ විපක්ෂ නායක වුනා,ඊට පස්සේ අගමැති වුනා.ඊට පස්සෙ ජනාධිපති වුනා.ජනාධිපතිකම අපේ රටේ අවුරුදු නවයක්ම දැරුවා,මන්ත්‍රී ඇමතිවෙලා,ඇමති විපක්ෂ නායක වෙලා,විපක්ෂ නායක අගමැති වෙලා,අගමැති ජනාධිපති වෙලා දැන් ආයෙ එන්න හදනවා ජනාධිපති මන්ත්‍රී වෙන්න. හැත්තෑවෙදි අවුරුදු විසිපහේ කොලු ගැටයත් මන්ත්‍රී දෙදහස් පහළොවේදී අවුරුදු හැත්තෑවේ මුත්තත් මන්ත්‍රී.ඇයි ඒ ? ඇයි මහින්ද මහත්තයා ආපහු දේශපාලනේට එන්නේ ? මේරට පාලනය කරලා ජනවාරි මාසෙ අට වෙනිදා එතුමා විසින්ම මැතිවරණයක් කැඳවලා ජනතාව විසින් එතුමාව පරාජයයට පත් කලාට පස්සේ ඇයි රාජපක්ෂ මහත්තයා ආපහු දේශපාලනේට එන්නේ ? හොඳට බලන්න රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ප්‍රකාශනය දිහා ඒකෙ එක තැනක කියනවා මොකක්ද? මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසුරුවා හරිනු ලැබේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙ ක්‍රියාත්මකවූ නිළධාරින්ට දඞුවම් ලබා දෙනු ලැබේ.මහින්ද මහත්තයාගේ ගෝලයා ඩී.වී.උපුල් පළාත් සභා ඇමතිහ ම්බන්තොටදි කියනවා බලයට පත් වුනාට පස්සේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඩීඅයිජී මහත්තයාගේ ඉඳන් පොළිස් කට්ටා දක්වා ගල් ගසා මරා දමනු ලැබේ.දැන් මොකටද මෙයා දේශපාලනයට එන්නේ? මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසුරුවා හරින්න,ඒකෙ නිළධාරින්ට දඞුවම් දෙන්න,ඩී.වී උපුල් කියන පරිදි ඒ අය ගල් ගසා මරා දමන්න, මොකක්ද කරපු වැරැද්ද,රාජපක්ෂ මහත්තයාලාගේ හොරකම් ගැන හොයපු එක.ශිරන්ති රාජපක්ෂ පිළිබඳ පරීක්ෂණ දියත් කරපු එක.නාමල් රාජපක්ෂගේ හොරකම් පිළිබඳ පරීක්ෂණ දියත් කරපු එක,බැසිල් රාජපක්ෂගේ හොරකම් පිළිබඳ පරීක්ෂණදියත්කරපුඑක. ගෝඨාභය රාජපක්ෂගේ හොරකම් පිළිබඳ පරීක්ෂණදියත් කරපු එක. ශිරන්ති නෝනාගේ අයියගේ හොරකම් පිළිබඳ පරීක්ෂණදියත්කරපුඑක. යෝෂිත රාජපක්ෂගේ හොරකම් සහ අපරාධ පිළිබඳ පරීක්ෂණ දියත්කරපුඑක.මහින්ද මහත්තයාගේ පුංචි අම්මගේ පුතා උදයංගවීරතුංග පිළිබඳව පරීක්ෂණ දියත් කරපු එක. එහෙනම් දැන් එන්න හදන්නේ මොකටද? මේ පරීක්ෂණ දියත්කරන ලද ආයතන විසුරුවා හරින්නත්,ඒකෙ නිළධාරීන්ට දඞුවම් දෙන්නත්,එහෙනම් එන්නේ ඇයි? අපේ රටේ මහජනයගෙ දේපල හොරාකාලා ඒ හොරකම් පිළිබඳ දියත් කරන පරීක්ෂණ යට ගහන්න ඒ පරීක්ෂණ කරන නිළධාරීන්ට දඞුවම් දෙන්න, අපි අහනවා මේ මහියංගණයේ කව්රුවත් ඒකට විරුද්ධද? ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් තමයි අනුර විදානගමගේ පිලිබඳවත් පරීක්ෂණ දියත්වෙලා තිබෙන්නේ.මෙහේ කඩ බෙදපු ආකාරය,කඩ බෙදනකොට සල්ලි එකතු කරපු ආකාරය පිලිබඳ පරීක්ෂණයේ පැමිණිල්ල ඉදිරිපත කළේ සුදත් බලගල්ල සහෝදරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට. දැන් එන්නේ මොකටද? මේ පරීක්ෂණ ටික යට ගහන්න.මේ පරීක්ෂණ කරන නිළධාරීන්ට දඞුවම් දෙන්න.එනිසා වංචාවලට එරෙහි වන කිසිවෙකුට,වංචාවකට දඞවම් ලබා දිය යුතුයි කියලා අපේක්ෂා කරන කිසිවෙකුට මහජනයාගේ සේපල හොරකම් කරනලද අය නිතිය හමුවට පැමිණිවිය යුතයි කියලා කල්පනා කරන කිසිවෙකුට මහජන දේපල හොරකම් කරන අයගේදේපල යලි අත්පත් කර ගත යුතුයි කියලා කල්පනා කරන කිසිවෙකුට අගෝස්තු මාසේ දාහත් වෙනිදා බුලත් කොළේට කතිරෙ ගහන්න බෑ.කව්රු හරි බුලත් කොලේට කතිරෙ ගහනවානම් කියන්නේ මොකක්ද ඒකෙන් හොරකම්කරාටකමක් නෑ හොරුන්ට දඞුවම් නොදුන්නාට කමක් නැහැ.දේපල යලි අත්පත් කරනොගත්තාට කමක් නෑ.මේක තමයි බුලත් කොළේට කතිරෙ ගහලා තීරණය කරන්නෙ.ඒ නිසා අපි තමුන්නාන්සේලාට කියනවා මේ අගෝස්තු මාසේ දාහත් වෙනිදා බුලත් කොළේට කතිරෙ ගහන්න එපා.එහෙනම් දෙන්නෙ කාටද? රනිල් මහත්තයාටද? එයාගේකෙරුවාවා ඊට හපන්,මාස විසි හයක් මේ රට පාලනය කලා දෙදහස් තුන දෙදහස් හතර කාලෙ.ඒ පාලනය කරපු වෙලාවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වික්කා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වික්කෙ ජිබෝල්ටා කියන රටේ කොම්පැණියකට වික්කෙ මාර්තු මාසෙ විසි අට කොම්පැණිය පිහිටුවලා තිබුනේ අප්‍රේල් මාසෙ එක. ලෝකෙ කොහේවත් නැති කොම්පැණියකට මාර්තු මාසෙ විසි අට වෙනිදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වික්කා. ආණ්ඩුව වැටුනාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරුවා.ඒ නඩුව අනුව නැවතත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආණ්ඩුවට පවරා ගත්තා.ඒ නිසා මේ වැදගත්ම රක්ෂණ සංස්ථාව හොරකම් වලට අනුව රනිල් වික්‍රමසිංහ මහත්තයාලා වික්කා.ඒකෙ හොරකමත් සිද්ධ වුනු බව ශ්‍රේෂ්ඨාධිකරණයෙත් ඔප්පු වෙලා තියෙනවා.අපේ රටේ තෙල් සංස්ථාව සතුව තිබුනා නැව් තෙල් අංශයක් අපි පෙට්‍රල් අඩුවටදීලා,භූමිතෙල් අඩුවට දීලා,ඩීසල් අඩුවට දීලා ඒ සිද්ධවන පාඩුව පිරිමසා ගත්තේ නැව් වලට තෙල් ගහලා නැව් තෙල් අංශයක් තිබ්බා වරායේ,තෙල් සංස්ථාව සතුව,ටැංකි අටක් තිබ්බා.ඉඩම අක්කර අටයි රූඩ් දෙකක් තිබ්බා.මේ ඉඩමයි මේ ටැංකි අටයි සියල්ල ජෝන් කීල්ස් මුදලාලිට වික්කා.විකුනන්ඩ කටයුතු කලේ මිලින්ද මොරගොඩ,මිලින්ද මොරගොඩගේ නංගි ජෝන් කීල්ස්ගෙපුතා බැන්දා. මිලින්ද මොරගොඩගේ නංගි ජෝන් කීල්ස්ගෙපුතා බඳින කොට දෑවැද්දට දුන්නේ අපේ රටේ නැව් තෙල් අංශය.රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව බිඳ වැටුනා.ශ්‍රේෂඨාධිකරණයට ගියා.පරීක්ෂණයක් පැවැත්වුනා.හොරකමක් වෙලා තියෙන බව ඔප්පු වුනා.නැවත නැව් තෙල් අංශය ආණ්ඩුවට පවරා ගත්තා.ඒ විතරක් නෙවෙයි මේ ඊයේ පෙරේදා කෙටි කාලෙකට ආණ්ඩුවක් හදා ගත්තා.ඒ ආණ්ඩුවට කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනවරමක් තිබ්බේ නෑ.ජනවාරි මාසෙ අට වෙනිදා තිබ්බෙ ජනාධිපති තෝරන ඡන්දෙ , ජනාධිපති මෛත්‍රීපාල මහත්තයාද? ජනාධිපති රාජපක්ෂ මහත්තයාද? තීරණයකරන ඡන්දෙ.හැබැයි ජනවාරි මාසෙ අට ජනාධිපති ලෙස මෛත්‍රීපාල මහත්තයා තීරණය කරලා.අගමැතිත් හදලා,ඇමතිවරුත් හදලා නියෝජ්‍ය ඇමතිවරුත් හදලා,ආණ්ඩුවකුත් හදලා තමයි ඒ ඡන්දෙ කෙළවර වුනේ.ජනවාරි මාසෙ අට වෙනිදා මේ රටෙ ජනතාව ඡන්දෙ දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ අගමැතිවෙන්න නෙවෙයි.ජන වරමක් තිබුනේ නැහැ.කමක් නෑ දින සියයකටනෙ ආණ්ඩුව හැදුවා කීවේ.නමුත් ඊටපස්සේ මැතිවරණයක් ඔන්න මෙන්න කියලා කට උඩ තියාගෙන මහ බැංකු ගණු දෙනුව සිද්ධ වුනා. මහ බැංකුවේ බැඳුම්කර බැඳුම්කර ගනුදෙණුවේ පාඩුව පාඩුව මේ වෙන කොට කෝටි හාරදහස් දෙසීයයි.ගනුදෙනුව වෙනකොටම පාඩුව කෝටි හයසියයයි.මේ මහවැලි ව්‍යාපාරය හදන්න ගියේ කෝටි පන්දාහයි.හැබැයි බැඳුම්කර ගනුදෙනුවේ මේවෙන කොට පාඩුව කෝටි හාරදහස් දෙසීයයි.රනිල් වික්‍රමසිංහ මහත්තයාලා ඉතා කෙටි කාලයක්තුල මහබැංකු ගනුදෙනුවේ විශාලතම හොරකම සිද්ධ කරලා තිබෙනවා.මං දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයාලා පෝස්ටරයක් ගහලා තියෙනවා මුල පිරුවා විතරයි කියලා.හොඳ මුලපිරිල්ල. කල්පනා කරලා බලන්න.ඒනිසා මේ රටේ හොරකම් නතර කරන්න.මේ රටේ වංචාව නතර කරන්න,මේ රටේ හොරුන්ට දඞුවම් දෙන එක ක්‍රියාත්මකකරන්න ඕනෙනම් පාර්ලිමේන්තුවේ ශක්තිමත් කරන්න ඕනකම තිබෙන්නේ ජනතාවිමුක්ති පෙරමුණෙ බලය, වෙනකිසිවක් නොවෙයි.ඔබ ඒක දන්නවා.මං දැක්කා මහින්ද මහත්තයා තැන තැන කිය කියා යනවා මේ එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි අතර සබඳතාවයක් තියෙනවා කියලා.අපි මහින්ද මහත්තයාට කියනවා ඔබතුමා රටේ හිටපු ජනාධිපතිවරයෙක්,මේ රටේ අවුරුදු නවයක් නායකයා වෙලා හිටියා.වේදිකාවල නැගලා කෙබර පත බාන්න එපා කියලා.රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ගනුදෙනු තියෙන්නේ කාටද?ශිරන්ති රාජපක්ෂ පදනම,සිරිලිය ගිණුම,සිරිලිය පදනම ආරම්භ කරලාතිබුණා.ඒකේ කෝටි ප්‍ර කෝටි ගණන් ගනු දෙනු සිද්ධ වෙලා තිබුණා.එනිසා ඒපිළිබඳව පරීක්ෂණයක් කරන්න ශිරන්ති රාජපක්ෂට එන්ඩ කිව්වා පොළිස් මූලස්ථානෙට,විශේෂයෙන්ම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කට උත්තරයක් ගන්න.දැන් ශිරන්ති නෝනා යන්න ඔනෙ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කටඋත්තරේ දෙන්න.හැබැයි මහින්ද මහත්තයා රනිල් වික්‍රමසිංහමහත්තයාට ගත්තා දුරකථනෙ.නෝනා එවන්ඩ ඕනැමද කියලා ඇහුවා එෆ්සීඅයිඩී එකට,රනිල් මහත්තයා කිව්වා ඔයා කැමති තැනක් කියන්න අපි පොළීසිය එවන්නම් කිව්වා.අනිත් ඔක්කොම අපරාධකාරයෝ කට උත්තරේ දෙන්න යන්න ඕන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැබැයි ශිරන්ති නෝනා, ශිරන්ති නෝනාගේ කට උත්තරය ගන්න මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිළධාරීන්ට යන්න සිද්ධවුනා ශිරන්ති නෝනා ඉන්න තැනට.ගනුදෙණුව කා අතරද ජනතා විමුක්ති පෙරමුණෙ අපි අතරද? නෑ යට යට ගණුදෙණුව තිබෙන්නේ මහින්ද මහත්තයයි රනිල්වික්‍රමසිංහ මහත්තයයි අතර.රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වය දීර්ඝ කාළයක් ආරක්ෂකර ගන්න සහාය දුන්නේ මහින්ද මහත්තයා.දෙන්නා අඹ යාලුවෝ,අපිට කියනවා යටින් යටින් පූට්ටු වැඩ තියෙනවාලු.ඒ විතරක්ද මහින්ද මහත්තයාගේ නාම යෝජනා පත්‍රය බලන්නකෝ.මහින්ද මහත්තයාගේ නාම යෝජනා පත්‍රයේ තිස්පස් දෙනෙක් ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමති සරත් අමුණුගම මහින්ද මහත්තයාගේ ජාතික ලැයිස්තුවේ,එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමති එස්.බී.දිසානායක මහින්ද මහත්තයාගේ නුවර ලැයිස්තුවේ,එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ධීවර ඇමති මහින්ද අමරවීර මහින්ද මහත්තයාගේ හම්බන්තොට ලැයිස්තුවේ,එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමති මහින්ද සමරසිංහ මහින්ද මහත්තයාගේ නාම යෝජනා ලැයිස්තුවේ,දැන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේම ඇමතිවරු මහින්ද මහත්තයාගේ ලැයිස්තුවේ තියාගෙන අපිට කියනවා එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ගණුදෙණුවක් තියෙනවා කියලා.අපි සහතික කරනවා.ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගුවේත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට දේශපාලනය කරන්නෙත් එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ කිසිවකුගේ අතකොලුවක් හෝ සන්ධානයක් බවට බවට පත් කරන්න නොවෙයි.අපට අපේ වූ ස්වාධීන ගමනක්,අපට අපේවූ අනන්‍යතාවක් සහිතව අපි අපේ රටේ දේශපාලනය කරමින් ඉන්නවා.එ නිසා මහින්ද මහත්තයාට අපි කියනවා කරුණකරලා කෙබර පත බාන එක නතර කරන්න.ඔයා මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක්.ඒ විතරක් නොවෙයි,මේ පක්ෂ දෙක ඒ පැත්තෙන් එකට ඉන්නවා විතරක් නෙවෙයි දැන් කල්පනා කරලා බලන්න මේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති එකයි,අරමුණු එකයි,ඉලක්ක එකයි මහින්ද මහත්තයා ආණ්ඩුවක් හදන කොට ලක්ෂ්මන් සෙනෙවිරත්නලාට ගිහිල්ලා ඒ අත්තේ වහන්න පුලුවන් ඇයි ප්‍රතිපත්ති අරමුණු අතර වෙනසක් නෑ.බැරිවෙලාවත් හෙට රනිල් මහත්තයා ආණ්ඩුවක් හැදුවොත් එහෙමම තමයි.දැන් මේ පළාත් සභාවෙත් ආණ්ඩුවක් හැදුවේ.මෙහේ හිටපු අනුර විදාන ගමගේ ගිහිල්ලා වැහුවානේ.කෝ ප්‍රතිපත්ති,කෝ අරමුණු,මේ පක්ෂ දෙක අතර ලොකු වෙනසක් නෑ.එ නිසා හැට හත්අවුරුද්දක් මේ පක්ෂ දෙක අපේ රට පාලනය කරා,හැබැයි මේ,එකම කාසියක දෙපැත්ත.හරි පැහැදිලියි.මේවා මුහුණුවලින්වත් තව දුරටත් වෙනස් නැහැ.ප්‍රතිපත්ති වලින් කාර්යාලවලින්,අරමුණුවලින් වෙනස් නැහැ.ඒනිසා අපේ රටට අලුත් දේශපාලන ගමනක් ඕනැ.මේ පක්ෂ දෙකට අලුත් කිසිවක් කරන්න බැහැ.කොහොමද මේ ගොල්ලො අලුත් දෙයක් කරන්නේ මේවා දේශපාලන වශයෙන් මහලු වෙච්ච ව්‍යාපාර.අලුත් කිසිවක් දකින්නැති ව්‍යාපාර.ලෝකයේ අලුතින් ඇති වෙලා තිබෙන වෙනස්කම් පිලිබඳව කිසි අවබෝධයක් නැති ව්‍යාපාර,එහෙම අවබෝධයක් මේ පක්ෂ වලට තිබෙනවා නම් මැතිවරණ ප්‍රකාශන බලන්න.මහින්ද මහත්තයා මොකක්ද කියන්නේ? මහින්ද මහත්තයා කියනවා රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසි පන්දාහ කරනවාලු. දෙදහස් හයේ අවුරුද්දෙ ඉඳන් දෙදහස් පහලොව දක්වා අවුරුදු නමයක් මහින්ද මහත්තයා ජනාධිපතිකම් කළා.රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ශතේකින් වැඩි කළේ නැහැ.අද ඇවිල්ලා කියනවා මූලික වැටුප රුපියල් විසි පන්දාහ කරනවාලු. ඇයි ඒ ? එතකොට හිතනවා රාජ්‍ය සේවකයෝ ඡන්දෙ දෙයි කියලා.විශ්‍රාමිකයින්ගෙවැටුප තුන්දාහකින් වැඩි කරනවාලු. එතකොට හිතනවා විශ්‍රාමිකයෝ ඡන්දෙ දෙයි කියලා.මහපොළ හයදාහක් කරනවාලු.එතකොට හිතනවා මහපොළ ගන්න විශ්ව විද්‍යාල ශිෂ්‍ය යෝ ඡන්දෙ දෙයි කියලා.ඒ මදිවට දැන් කියනවා, මංදැක්කා ගල්ගමුවේ රැස්වීමකදී මහින්ද මහත්තයා කියනවා “නංගි මල්ලි දැන්ම බඳින්ඩ එපා අගෝස්තු මාසේ දාහතෙන් පස්සෙ බඳින්නලු,ලක්ෂ දෙකක් දෙනවාලු” මේ අපේ ලොකු අයියා කියන්නේ,එහෙම බඳින්න හිටියොත් කවදාවත් බඳින්න හම්බවෙන්නේ නැහැ මතක තියා ගන්න,ඒ නිසා හරි පැහැදිලියි,මේවා ප්‍රතිපත්ති නෙවෙයි.දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකක්ද කියන්නෙ,මං දැක්කා ටීවී එකේ ඇඩ්එකක් යනවා,තරුණයෙකුයි,තරුණියෙකුයි තෙමි තෙමී ඉන්නවා අපි දැන්මේ තෙමෙන්නෙ,දාහතෙන් පස්සෙ තෙමෙන්ඩ ඕන්නැතිවෙයි,අපි කාර් එකක් ගමු.මොකක්ද මේ ? මේවාද ජනතාවගේ ප්‍රශ්න? මහියංගණෙ තරුණ,තරුණියන්ගේ ප්‍රශ්නෙ කාර් එකක් නැති එකද?ඒක අපේ ප්‍රශ්න වල ගොඩාක් යටින් තිබෙන්නේ.අපට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නෑ, අපිට හරි හමන් රැකියාවක් නෑ,අපිට අධ්‍යාපනයක් නෑ,අපට ප්‍රේමයක් නෑ,අපට ආදරයක් නෑ,අපිට විවාහ වුනාට ඉන්ඩ ගෙයක්නෑ,අපට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්ඩ බෑ අපේ මූලික ප්‍රශ්න ඒවා.හැබැයි රනිල් මහත්තයා කියනවා පොඩ්ඩක් ඉන්ඩකෝ දාහත පහු වෙනකල් කාර් එකක් ගන්ඩ. මොකක්ද මේ? මේවා අපි කවදා ඉඳන්ද ඇහුවේ.හැත්තෑවේත් කිව්වා අපිට පොරොන්දු,හැත්තෑ හතෙත් කිව්වා පොරොන්දු,අසූ නමේත් කිව්වා පොරොන්දු,අනූ හතරෙත්කිව්වා පොරොන්දු,දෙදහෙත් කිව්වා පොරොන්දු, දැනුත් කියනවා පොරොන්දු.අපේ රට ඒවාගෙන් හදන්ඩ බෑ ඒ නිසා හේ රට හදන්න ඕන. මේ රට හැදීම සඳහා වූවැඩ පිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වැඩ පිළිවෙලට තමයි මේ රට ඉස්සරහට ගෙනයන්න පුලුවන්කමක් තියෙන්නේ. ඒකෙ අපේ කෘෂිකර්මාන්තය හදන්නෙ කොහෙමද කියලා එකින් එක අපි පැහැදිලි කරලා තිබෙනවා. අපේ දරුවන්ගේ අධ්‍යාපනය හදන්නෙ කොහොමද කියලා එකින් එක අපි පැහැදිලි කරලා තිබෙනවා. නිවසක් නැති අයට නිවසක් ලබා දෙන්නෙ කොහොමද කියලා එකින් එක අපි පැහැදිලි කරලා තිබෙනවා. තමුන්නාන්සේලාට නිරෝගි සම්පන්න ජීවිතයක් ලැබෙන්නෙ කොහොමද කියලා එකින් එක අපි ලියලා තිබෙනවා. අපේ ප්‍රවාහන සේවය ඇතුලු රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නේ කොහොමද කියලා අපි එකින් එක ලියලා තියෙනවා. අපිසහතික කරනවා, ඔබට හොඳ ආදායම් මාර්ගයක් සහිත ජීවිතයක් දෙනවා, ඔබේ දරුවාට හොඳ අධ්‍යාපනයක් දෙනවා, ඔබට ඉන්න හොඳ නිවහනක් ලැබෙනවා, ඔබට හොඳ නිරෝගි සම්පන්න ජීවිතයක් ලැබෙනවා. ඔබට හොඳ කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ලැබෙනවා. ඔබ අප හැමදෙනාම සතුටින් ඉන්න රටක් අපි හදනවා. සතුටින් ඉන්න ජනතාවක් අපි හදනවා. ඒකෙ වැඩ පිළිවෙල අපට තිබෙනවා.
ඒවගේම අපේ රට ස්ථාවර කරන්න ඕන. ඒ සඳහා ජාතික සමගිය හදන්න ඕන. අපේ රටේ සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ කියලා ප්‍රධාන ජන කොට්ඨාසයන් ගණනාවක් ජීවත්වෙනවා. මේ අය අතර සැකය වැඩි කරලා,අවිශ්වාසය වැඩි කරලා,ක්‍රෝධය වැඩි කරලා,ගැටුම වැඩි කරලා අපේ රටට ඉස්සරහට යන්ඩ බෑ.අපේ රට ගොඩ නගන්ඩ නම් සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ ජනයා අතර ජාතික සමගිය ගොඩ නගන්ඩ ඕන. ජාතික සමගිය ගොඩ නැගීම සඳහාවූ ප්‍රතිපත්ති,ජාතික සමගිය ගොඩනගන ආකාරය,හැම කෙනාගේම ආගමේ සම අයිතිය,හැම කෙනාගේම භාෂාවේ සම අයිතිය,හැම කෙනාගේම සංස්කෘතියේ සම අයිතිය මත පදනම්වූ ජාතික සමගිය ගොඩ නැගීම සඳහා වැඩ පිළිවෙලක් අපි හදනවා. මේ රටේ ජාතික සමගිය අපි ගොඩ නගනවා. ජාතික සමගිය ගොඩ නැගීමෙන් තොරව අපේ රටේ ස්ථාවරය හදන්ඩ බෑ.
ඊළඟට අපේ රට ස්ථාවර කරන්න ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තියෙන්න ඕන. අපේ මාධ්‍යෙව්දීන්ට තමන් දකිනදේ තමන්ට ඇහෙනදේ ලියන්න,වාර්තා කරන්න සම අයිතිය තිබෙන්න ඕන. මොකක්ද සිද්ධවෙලා තිබෙන්නේ. මේ මාධ්‍ය ආයතන ඔක්කොටෝම තර්ජනය කරලා තිබුනේ, මාධ්‍යෙව්දීන් ඝාතනය කරා,මාධ්‍ය ආයතන වලට බෝම්බ ගැහුවා,මාධ්‍යෙව්දීන්ගේ අතපය කැඩුවා,මාධ්‍යෙව්දීන්ට රට අතඇරලා යන්න සිද්ධවුනා. අපි සහතික කරනවා මේරටේ මාධ්‍ය නිදහස තහවුරු කරන්න පුලුවන් ජනතා විමුක්ති පෙරමුණේ පාලනයකට පමණයි. ඇයි අපිට හංගන්ඩ හොරකම් නෑ.අපිට වහන්ඩ දූෂනකම් නෑ.අපිට වහන්ඩ අපරාධ නෑ.ඔය පක්ෂ දෙකටම වහන්ඩ හොරකම් තිබෙනවා.ඔය පක්ෂ දෙකටම වහන්ඩ දූෂන තිබෙනවා,ඔය පක්ෂ දෙකටම වහන්ඩ අපරාධ තියෙනවා. ඒ නිසා මේ රටේ මාධ්‍ය නිදහස තහවුරු කරන්ඩ පුලුවන් කම තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ විතරක් මයි. අපි නිදහස් මාධ්‍ය කලාවක් පේ රටේ ගොඩ නගනවා. හැම දකිනදේම වාර්තා කරන්ඩ,ජනතාවට ඇත්ත පණිවිඩ ගෙනියන්ඩ,ජනතාවගේ ඇත්ත ඇස් ඇරවන්න අපි මාධ්‍ය නිදහසක් ගොඩ නගනවා.
ඊලඟටඅපි අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනවා.මේ අධිකරන පද්ධතියේ මොනවද අද සිද්ධවෙලා තියෙන්නේ. අද මේ පොළීසිය,මේ අධිකරණය හරියට ක්‍රියාත්මක වෙනවා නම් අද ගොඩාක් පාර්ලිමේන්තුවේ ඉන්න අය ඉන්ඩ ඕනෙ හිර ගෙදර. මහිනද මහත්තයාගේ මුලු පවුලම ඉන්ඩ ඕනෙ.අඩුම තරමෙ කෑම අරන් යන්න ගෙදර එකෙක් ඉතුරුවෙන්නෑමතක තියා ගන්න.හරියට අපේ රටේ නීතියක් ක්‍රියාත්මක වෙනවානම්.ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඕනෙ.නිදහස තහවුරු කරන්න ඕන,ඊළඟට නීතියේ සහ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න ඕන.අපේ පොළීසියේ මහත්තුරුන්ට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ,උසස් කිරීමේ ක්‍රමවේදය,මාරු කිරීමේ ක්‍රමවේදය කිසිදු දේශපාලන බලපෑම් වලින් තොරව තමන්ගේ හැකියාවට තමන්ගේ දක්ෂතාවයට තමන්ගේ අත්දැකීම් වලට,තමන්ගේ කාලයට අනුව නිවැරදි උසස්වීමේ ක්‍රමවේදයක් සහ මාරු කිරීමේ ක්‍රමවේදයක් ජනත් විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ ස්ථාපිත කරනවා. පොළීසියේ මහත්තයාට තමාගේඅතේ තියෙන පටිය,තමන්ගේ කරේ තියෙන තරුව, තමන්ගේ යුනිෆෝම් එකට සාධාරණ ලෙස කටයුතු කරන්න පුලුවන් ගරුත්වයක් අපි හදලා දෙනවා.අපිට පොළීසියෙන් බේර ගන්ඩ අපරාධකාරයෝ නෑ,අපිට පොළීසියට මැදිහත් වෙන්ඩ දූෂිතයෝ නෑ,අපිට පොළීසියෙන් බේර ගන්ඩහොරු නෑ. ඒ නිසා අපේ රටේ පොළීසියේ ස්වාධීනත්වය,නීතියේ සහ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන රටක් අපි හදනවා. ජාතික සමගිය තිබෙනවා,ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තිබෙනවා. නීතිය සහ විධානයේ ආධිපත්‍යය තහවුරු කරනවා.
ඊළඟට, හොඳ විදෙස්ප්‍රතිපත්තියක් හදනවා. අද අපේ රටේ විදෙස් ප්‍රතිපත්තිය මොකක්ද? මේ රටේ විදෙස් ප්‍රතිපත්තිය කප්පම්දීමේ විදෙස් ප්‍රතිපත්තියක් තිබුනේ. නොරෝච්චෝලෙ බලාගාරය දෙනවා චීනෙට,ඉන්දියාව තරහා වෙයි කියලා සාම්පූර් බලාගාරය දෙනවා ඉන්දියාවට,හම්බන්තොට වරාය දෙනවා චීනෙට, ඉන්දියාව තරහා වෙයි කියලා කන්කසන්තුරේ වරාය දෙනවා ඉන්දියාවට. මාතර ඉඳන් බෙලිඅත්ත රේල් පාර හදන්න දෙනවා චීනෙට, ඉන්දියාව තරහා වෙයි කියලා ඕමන්තේ ඉඳන් කන්කසන්තුරේට හදන්න දෙනවා ඉන්දියාවට.අපේ රටේ තිබෙන්නේ විදෙස් ප්‍රතිපත්තියක් නෙවෙයි කප්පම්දීමේ ප්‍රතිපත්තියක්,තව රටකට කප්පම් දෙනවා,අනිත් රටට කප්පම් දෙනවා,ඒක තරහවෙයි කියලා තව රටකට කප්පම් දෙනවා. අපේ රටේ කප්පම්දීමේ විදෙස් ප්‍රතිපත්තියක් තිබෙන්නේ.රනිල් වික්‍රමසිංහ මහත්තයාඊළඟට පටන් ගන්නවා අපේ රටේ කප්පම්දීමේ විදෙස් ප්‍රතිපත්තිය යුරෝපය ඇතුලු බටහිර රාජ්‍යයන්ට. අපේ රටේ ඉඩ්ම් සම්පත,අපේ රටේ ජල සම්පත,බටහිර සමාගම්වෙත පැවරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහත්තයා බටහිරට කප්පම්දීමේ විදෙස් ප්‍රතිපත්තිය පටන් ගන්නවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ විදෙස් ප්‍රතිපත්තිය, අද ලෝකයේ බල කඳවුරු ගනනාවක් ගොඩනැගිලා තිබෙනවා. ඇමරිකන් එක්සත් ජනපදය සමග බල කඳවුරක්,රුසියාවේ ජාතිකවාදය මත පදනම්වූ පුටීන් සමග ගොඩනැගුනු බල කඳවුරක්,යුරෝපා සංගමයේ බල කඳවුරක්,ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි කර ගන්නා චීනය කේන්ද්‍රකරගත්තු බල කඳවුරක්,අසල්වැසි ඉන්දියාවේ බල කඳවුරක්,ලතින් ඇමරිකානු රාජ්‍ය පන්තිදෙක බල කඳවුරක් ඇතුලේ, එදා අනූව දශකයේ දෙදාහ වසර ආරම්භකාළයේදී ලෝකයේ බල කඳවුරු තිබුනේ ඇමරිකන් එක්සත් ජනපදය කේන්ද්‍රකර ගත්ත බල කඳවුරක් තිබුණා. ලෝකයේ ආර්ථිකය තීරණය කළේ ඇමරිකන් එක්සත් ජනපදය,ලෝකයේ ආරක්ෂක උපාය මාර්ග තීරණය කළේ ඇමරිකන් එක්සත් ජනපදය,ලෝකයේ සංස්කෘතිය තීරණය කළේ ඇමරිකන් එක්සත් ජනපදය,ලෝකයේ ආහාර රටාව තීරණය කළේ ඇමරිකන් එක්සත් ජනපදය, ලෝකයේ ලෝක වොළෙඳපළේ තීරුබදු,ආනයනික බදු මේ සියල්ල තීරණය කරේ ඇමරිකන් එක්සත් ජනපදය. ඇමරිකන් එක්සත් ජනපදය මත ගොඩනැගුනු ලෝකය අද අවසන්. අද යුරෝපා සංගමය මත ගොඩනැගුනු අලුත් බල කඳවුරක්,චීනය මත ගොඩ නැගුනු අලුත් බල කඳවුරක්, ලතින් ඇමරිකානු රාජ්‍ය පන්තියේ අලුත් බල කඳවුරක්,රුසියාවේ අලුත් බල කඳවුරක්,ඉන්දියාවේ අලුත් බල කඳවුරක් ලෝකයේ අලුත් බල කඳවුරු ගනනාවක්ම ගොඩනැගෙමින් පවතිනවා. අපි අපේ රටේ විදෙස් ප්‍රතිපත්තිය මේ කිසිදු කඳවුරකට යටත් වෙන්නේ නැතිව,මේ කිසිදු කඳවුරකට වහල් වෙන්නේ නැති විදෙස් ප්‍රතිපත්තියක් ඕනා.අපි අපේ රටේ ස්වාධීනත්වය,ස්වෛරීභාවයෙන්,ලෝකය ඉදිරිපිට අභිමානවත් රාජ්‍යයක් ලෙස ගනුදෙනු කරන විදෙස් ප්‍රතිපත්තියක් අපේ රටට හඳුන්වාදෙනවා.ලෝකය ඉදිරියේ සාමකාමී,ලෝකය ඉදිරියේ මැදිහත් විදෙස් ප්‍රතිපත්තියකට අපි යනවා.සහතිකයි ලෝකය ඉදිරිපිට අපි මේරට ස්ථවර කරනවා. නිදහස ඕනා අපිට,ප්‍රජාතන්ත්‍රවාදය ඕනා අපිට,නීතියේ විධානයේ ආධිපත්‍ය ඕනා අපිට, ජාතික සමගිය ඕනා අපිට, හොඳ විදෙස් ප්‍රතිපත්තියක් ඕනා,ශක්තිමත් ජාතික ආරක්ෂාවක් ඕනා. අපේ රටේ ජාතික ආරක්ෂාව කියන්නේ එක් ජන කොට්ඨාසයකින් තව ජන කොට්ඨාසයකට එරෙහිව තියෙන සතුරු පවුරක් නෙවෙයි.අද අපේ රටේ ජාතික ආරක්ෂාව කියන්නේ මොකක්ද? එක්ජන කොට්ඨාසයකගේ ආරක්ෂාවක් අනෙක් ජන කෙට්ඨාසයකගේ පීඩාවක් බවට අපේ ජාතික ආරක්ෂාව පත් කරලා තිබෙනවා. අපි අපේ රටේ ජාතික ආරක්ෂවත්,රටේ ආරක්ෂාවත්,රටේ ජීවත්වන සියලු ජනතාවගේආරක්ෂාවක් බවට අපේ රටේ ජාතික ආරක්ෂව පත් කරනවා.එතකොට මොකක්ද වෙන්නේ? සතුටින් ඉන්න පුලුවන් ජනතාවක්,ස්ථාවර රටක් හදනවා, සහතිකයි මේ රට ගොඩනැගිය හැකියි.මේ රට ගොඩනැගීම සඳහා වූ දැක්මක්,මේ රට ගොඩනැගීම සඳහාවූ ඉලක්කයක්,මේ රට ගෙනයාම සඳහාවූ ගමනක් එක්ක තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වෙලා තිබෙන්නේ.මේ රට හදන්න ඕනෙ. අවුරුදු හැට හතක් අපේ අම්මලා, තාත්තලා,අපේ මුත්තලා,අත්තලා,ආණ්ඩු හැදුවා.ආණ්ඩු පෙරලුවා.නායකයෝ ගෙනාවා,නායකයෝ මාරුකරා,අපිට නස්පැත්ති විපත්ති ඉතුරුකරලා දීලා තිබෙන්නේ.ඒ නිසා අපි අලුත් ගමනකට යන්න ඕනෙ.ඒ අලුත් ගමනකට අපේ රට ගෙනියන්න පුලුවන් එක දේශපාලන ව්‍යාපාරයයි ඉන්නේ.එක්සත් ජාතික පක්ෂය කවදාවත් අලුත් වෙන්නේ නෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් අලුත් වෙන්නේ නෑ.මේවා ගතානු ගතික දේශපාලන ව්‍යාපාර.සාම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාර,දේශපාලනික වශයෙන් මහලුවෙච්ච දේශපාලන ව්‍යාපාර.ඒ නිසා අපේ රට නව දේශපාලන ව්‍යාපාරයක් වෙතභාර දිය යුතුයි.අද තරුණයාගේ දේශපාලන ව්‍යාපාරය,අලුත් පරම්පරාවේ දේශපාලන ව්‍යාපාරය,අලුත් ලෝකයත් එක්ක සම්බන්ධවෙලා තියෙන ජනතාවගේ දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ මේතමයි අපේ රටේ අනාගත දේශපාලන ව්‍යාපාරය අපි සහතික කරනවා,මේ රට අපි ගොඩ නගනවා,අපේ රටේ ජනතාව සතුටින් සිටින රාජ්‍යයක් අපි ගොඩනගනවා.ඒ වෙනුවෙන්,ඒවෙනුවෙන් අපිට බලය දෙන්න.අවුරුදු පහකට අපිට බලය දෙන්න.අවුරුදු හැට හතක් මේ පක්ෂ දෙකට මාරුවෙන් මාරුවට දුන්නානම් එක අවස්ථවක් ජනතා විමුක්ති පෙරමුණට දෙන්න කියලා අපි ඉල්ලනවා.අපි සහතික වශයෙන් කියනවා ඔබ අපිට අවුරුදු පහක් දෙන්න.අපි හොඳ නැත්නම් පහෙන් පස්සෙ යවන්න.රැවටුනා කියලා හිතුනානම් හැට හතක් රැවටිච්ච එකේ පහක් රැවටුනාම මොකද? රැවටුනාද? නෑ රැවටෙන්නේ නෑ.ඒනිසා අපි සහතික වශයෙන් කියනවා මේක වෙනස් කරන්න ඕනේ.ඒ වෙනුවෙන් අගෝස්තු මාසේ දාහත් වෙනිදා තීරණයක් ගන්න. ඉතාමත් වැදගත් මැතිවරණයක් ඇවිල්ලා තිබෙන්නේ.රටේ මෑත කාළයේ මතුවී තිබෙන විශාලතම වැදගත් කමකින් යුතු මැතිවරණය තමයි මේක.මේ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණට විශාල පිරිස් සහාය දක්වමින් තිබෙනවා.අද අපේ වේදිකාවට මහාචාර්යවරුන් නැගලා තිබෙනවා,අපේ රටේ කලා කේෂත්‍රය නියෝජනය කරන හිතවතුන් හිතවතියන් නැගලා තිබෙනවා.අද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් එකතුවෙලා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා කියනවා ජනතා විමුක්ති පෙරමුණට මේ මැතිවරණයේදී සහය දිය යුතුයි කියලා.මීට කලින් අපේ රටේ සමාජ ක්‍රියාකාරකම් සහිතව හිටපු විවිධ බලවේග මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කියනවා ජනතා විමුක්ති පෙරමුණට සහාය ලබාදිය යුතුයි කියලා.අද ව්‍යාපාරික ප්‍රජාව,අපේ මහානායක හාමුදුරුවන් වහන්සේලා ඇතුලු ආගමික ප්‍රජාවන් සියලු දෙනා අද ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව අලුත් බලාපොරොත්තුවකින් සහ අලුත් පිබිදීමකින් යුතුව ගොඩනැගෙමින් තියෙනවා. නගරයේ පමණක් නොවෙයි ගම් දනව් සිසාරා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ජනතාව නගන හඞ වර්ධනය වෙමින් තිබෙනවා.ඉදිරියට එමින් තියෙනවා.ලොකු සතුටක් හා ලොකු බලාපොරොත්තුවක් අපට දල්වමින් තිබෙනවා.එනිසා අපි දන්නවා මේ මහියංගණයේ අපි රැස්වීම් ගණනාවක් පවත්වලා තිබෙනවා. හැබැයි අද මේ මහියංගණයේ සෑම ප්‍රදේශයකම ඉන්න ජනතාව මේ නගරයට එක් රැස්වෙලා කියාපාන්නේ අගෝස්තු මාසේ දාහත්වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට ශක්තිමත් බලයක් ලබා දෙන බව. සහතිකයි, ජනතා විමුක්ති පෙරමුණ මෑත ඉතිහාසයේ මැතිවරණයේදී ලබා ගන්නා සුවිශේෂී ජයග්‍රහණය බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලබා දෙන බව,සහතිකයි තමුන්නාන්සේලාට ඒ සඳහා ධෛර්යය තියෙනවා,විශ්වාසය තියෙනබව දන්නවා.තනියෙම නෙවෙයි,මේ ඔක්කොම අද තීරණයක් අරන්තිබෙනවා. කොතෙන්ට ගියත් කියන්නෙ හොඳයිකියලා.අපි බදුල්ලෙ ගියාම බදුල්ලේ අය කියනවා සහෝදරයා මෙහෙ නම් හොඳයි. ඕගොල්ලෝ වෙන පැත්තකට යන්ඩ කියනවා. අපි කැන්වසින් එකක් ගියොත් කියනවා අපේ ගෙදර එන්ඩ ඕන්නෑ,අපි තීරණය අරන් තියෙන්නෙ ඕගොල්ලන්ට ඡන්දෙ දෙන්න.ඕගොල්ලො වෙන ගෙදරකට යන්න කියනවා. අපි යාලුවෙකුට දුරකථනයෙන් කථා කළොත් කියනවා සහෝදරයා මේ පැත්ත හොඳයි,ඔය පැත්ත කොහොමද කියලා අහනවා.අද රට පුරා ජනතා විමුක්ති පෙරමුණ දිසාවට හැරිච්චි , ජනතා විමුක්ති පෙරමුණ දිශාව දිහා බලන මහා ජනතා බලවේගයක් ගොඩනැගිලා තිබෙනවා.මේ බලවේගය අගෝස්තු මාසෙ දාහත් වෙනිදා ඡන්දපොළට ගිහිල්ලා කතිරෙ ගහනකල් ආරක්ෂ කර ජනතා විමුක්ති පෙරමුණට ගතයුතු වගේම තව තවත් අපි ජනතාව ඒකාබද්ධ කළ යුතුයි.තව අයට කථා කරන්න,හිතවතුන්ට කථා කරන්න,ඥාතීන්ට කථා කරන්න.අපි ඔක්කෝම එකතුවෙලා අගෝස්තු මාසෙ දාහත්වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට සුවිශේෂී බලයක් ලබා දෙන්න මැදිහත් වෙන්න.ඒ වෙනුවෙන් තමුන්නාන්සේලාට ශක්තිය ප්‍රාර්ථනා කරමින් මම නතරවෙනවා.යැයි පැවසීය. මෙම අවස්ථාවේදී ජනතා විමුක්ති පොමුණේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා ඇතුලු දිස්ත්‍රික්කයෙන් තරඟවදින අපේක්ෂකයින්,හා ප්‍රවීන කලාකරුවන් රැසක්ද සභාව ඇමතූහ.

No comments:

Post a Comment