Sunday, August 9, 2015

නාගදිප වැව් රක්ෂිතයේ මහා වන සංහාරයකට තැතක්

 2015-08-09 පෙ.ව. 1.22

මහියංගන රිදිමාලියද්ද නාගදිප රජමහා විහාරස්ථානයට යන මාර්ගයේ නාගදීප වැව් රක්ෂිතයේ ජල පෝශක ප්‍ර දේශයේ (වැවට ඉතාම ආසන්න බිම් කඩක ) විශාල බිම් කඩක් කිසියම් පිරිසක් / සමාගමක් විසින් බලහත් කාරයෙන් තමන් හට එම ඉඩමේ හිමිකම ඇතැයි  පවසමින් යන්ත්‍ර සුත්‍ර මගින් එලි පෙහෙලි කරිමට පටන් ගෙන අති බවට ගම්වාසින් චෝදනා කරති. ඒ සදහා ඩෝසර් හා වෙනත් උපකරන මේ වන විට මෙම ප්‍ර දේශයට ගෙනවිත් දමා ඇත.
මේ සම්බන්දයෙන් රිදිමාලියද්ද ප්‍රා දේශීය ලේකම් ග්‍රාම නිළධාරින් මාර ් ගයෙන් වැව් රක්ෂිතයේ ජල පෝශක ප්‍ර දේශය හෙලි පෙහෙලි කිරිම වහාම නවත් වන ලෙස දන්නා අති  අතර එම  ප්‍ර දේශය රජයට අයත් භූමි ප්‍ර දේශයක් බවට  ප්‍රා දේශීය ලේකම්  විසින් තහවුරු කර ඇති බව ගම්වාසින් පවසනවා.  
එහෙත් එම ඉඩමේ අයිතිය සදහා නොතාරිස් ඔප්පුවක් මගින් ලබාගෙන ඇතැයි පවසමින් පොලිසියද නොමග යවමින් වන සංහාරයක් සිදු කර වැව් රක්ෂීතයේ ජල පෝශක ප්‍ර දේශය කිසියම් කටයුත්තක් සදහා හෙලි පෙහෙලි කිරිමට මහත් උත්සාහයක නිරත වන බව ගම්වාසින් චෝදනා කරති.










No comments:

Post a Comment