Tuesday, August 11, 2015

වර්ෂාවට පමණක් නොව අව්රුද්දේ හැමදාම ඇලක් වගේ වතුර ගලන අපේ පාර අපිට හදලා දෙන්න



2015-08-11 ප.ව. 12:04
ශ්‍රිලංකාවේ දිලිදුකම්න් ඉහල ග්‍රාමිය ජනතාවක් වෙසෙන ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශවට ඇතුලත් වන වියලුව ආසනයේ කන්දකැටිය ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ, හැවන්දාන ග්‍රාම නිළධාරි වසමේ ලොග්ගල්ඔය පහල මැදඔය ගම්මානයේ සියලු මාර්ග වසරේ දින 365ම වාරි ඇලක සේ ජයයෙන් පිරි පැවතිම හේතුවෙන් ගම්වාසින් පාසැල් දරුදරියන් මහති පිඩාවට පත්ව සිටින බවට ගම්වාසින් චෝදනා කරති.
හැවන්දාන ග්‍රාම නිළධාරි වසමේ ලොග්ගල්ඔය පහල මැදඔය ගම්මානයේ මාර්ගය වසර 50කට අධික කාලයක් සිටම මේ දක්වා පිළිසතර කර නොමැති කමින් ගම්වාසින් මහත් දුෂ්කර තාවයට පත්ව ඇති බවට ගම්වාසින් චෝදනා කරති. මාර්ගය දිග කිලෝමිටර් 2.5ක් පමණ වේ.
ශ්‍රි ලංකාවේ වෙනත් ගම්මාන වල මාර්ග ගමනාගමන අපහසුතා ඇතිවන්නේ වර්ශා සමයේ උවද ලොග්ගල්ඔය පහල මැදඔය ගම්මානයේ මාර්ගය වසරේ දින 365 දිනයේම ජල කාන්දුවිමෙන් මාර්ගය පුරා ජලය ගමන් කරනුයේ වාරි ඇලක් සේය. කුඹුරු සදහා වාරි ජලය සපයන ඇල මාර්ග වලින් මාර්ගයට ජලය කාන්දු වනවා සේම මාර්ග හරහා ඇති වාරි ඇල වල බෝක්කු කැඩි යාම තුලින් මෙසේ මාර්ගය පුරා වසරේ සැම දිනම ගමම්මානයේ මාර්ගය ජලයෙන් පිරිපවති.
ලොග්ගල්ඔය පහල මැදඔය ගම්මානයේ මාර්ගය කිලෝමිටර් 2.5ක් පමණ දිගුවන අතර එහි කිලෝමිටර් ½ක් (මිටර් 500) කට අධික ප්‍රමානයක් මෙසේ ජලය ගලා යෑම තුලින් ගමනා ගමන අපහසුතා ඇති කර ඇත.
ගම්මානයේ සෑම ප්‍ර දේශයකටම විදුලිය ලබා දි තිබුනද මේ දක්වා පැවති කිසිම රජයකින් ගම්මානයේ මාර්ගය සම්බන්දයෙන් අවධානය යොමු නොවි ඇති බව ගම්වාසින් පවසති. ගම්මානයේ සියලුම ජනතාව ගොවින් හා දෛනික කම්කරුවන් ලෙස රැකියා කරමින් සිය ජිවනෝපාය සිදු කරති.
ඡන්ද සමයේ අපේක්ෂකයන් විවිධ පොරොන්දු ලබා දෙමින් ගම්වාසින් මෙතෙක් රැවටිමට පත් කල බවත් ඡන්ද ජයග්‍රහනයන්ගෙන් පසු මෙම ගම්මානය දෙස හැරිවත් නොබලන බන ගම්වාසින් පවසති.
මෙම ගම්මානයේ පවුල් 42ක් පමණ ඉහත ගැටලුව සම්බන්දයෙන්, විශේෂයෙන් වසරේ සෑම දිනකම ගමනා ගමනය ඉතා දුෂ්කර විම මහත් ගැටලුවක් බවත් විශේෂයෙන් පාසැල් දරුවන් විශාල ගමනාගමන අපහසුතා හේතුවෙන් පිඩාවට පත්ව සිටි.



No comments:

Post a Comment