Sunday, August 9, 2015

වරිග මහගෙදර විවෘත කල වගයි.


 ලෝක ආදිවාසි දින සැමරුම දඹාන කොටබකිනියේදී - ආදිවාසි ජන උරුම කෞතුකාගාරය පුර්ණ නවීකරණයකට ලක්කර වරිග මහගෙදර නමින් විවෘත කල වගයි.

2015-08-09 ප.ව. 5.30

ආදීවාසී ජනතාවගේ සෞඛ්‍යය පහසුකම් නගා සිටුවීම සහ ජීවන තත්වය නගා සිටුවීම තේමා කරගනිමින් ලෝක ආදීවාසී දිනය අද (09) දවස පුරා දඹාන කොටබකිණිය ගම්මානයේදී පැවැත්විණි.
කලකට පසුව කිසිදු දේශපාලනඥයෙකුගේ සහභාගිත්වයකින් තොරව රාජ්‍ය නිළධාරීන්ගේ හා මහජනතාවගේ සහභාගත්වයෙන් මෙවර ආදීවාසී දිනය පැවැත්වීම විශේෂත්වයක්වේ.
ලංකාවේ දිස්ත්‍රික්ක හයක, ගම්මාන හැට දෙකක වෙසෙන ආදීවාසීන් ලක්ෂ පහක පමණ ජනතාව නියෝජනය කරමින් දඹාන ඇතුලුව,රතුගල, පොල්ලෙබැද්ද, හේනානිගල, දලුකාන, වාකරේ යන ගම්මාන 06ක ආදීවාසීනායකයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ 08වැනිදා රාත්‍රියේ වරිග සභාව පැවැත්විණි . එහිදි ආදිවාසි ගැටලු සම්බන්දයෙන් පැන නැගි ඇති ගැටලු සම්බන්දයෙන් සාකච්චා කෙරිනි.
සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ඩී.එස්.මල්කාන්ති මහත්මිය හා මහියංගණ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙම අවස්තාව සදහා එක්වූහ.
රුපියල් මිලියන විස්සක වියදමින් ප්‍රතිසංස්කරණය කරන ලද ආදීවාසී කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා මෙදින විවෘත කෙරුනේ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මල්කාන්ති මහත්මියගේ සුරතිනි. එය ලංකාවේ පවතින කෞතුකාගාර සියල්ලටම වඩා ජාත්‍යන්තරම මට්ටමේ කෞතුකාගාරවල බාවිතා කරන නවිණ තාක්ෂණය බාවිතා කරමින් ශ්‍රව්‍ය, දෘශ්‍ය, තාක්ෂණ ක්‍රම උපයෝගි කර ගනිමින් ආදිවාසින්ගේ අතිතය, ජිවන රටා, සංස්කෘතිය පිළිබිගු කරන කුටි නිර් මාණය කර ඇත.
එහිදී උත්සව සභාව ඇමතූ ආදීවාසීනායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නියලැත්තෝ.
වසර ගනනාවකට පසුව නිදහසේ අපේ ජනතාව වෙනුවෙන් නම් කළ දිනය අද අපි සමරනවා.වෙනදාට අපිට මේ කටයුතු පහසුවෙන් සැහැල්ලුවෙන් කර ගන්න බැහැ.විවිධ බාධක එනවා.අපිට ඕනෑ විදියට මේ කටයුතු සංවිධානය කර ගන්න බැහැ.මේ වන විට අපේ ජනයාට නොගැලපෙන උපකරන ද්‍රව්‍ය හා භාණ්ඩ ගොඩ ගහලා.ඒවා බෙදා ගන්න අපි පුදුම දුකක් විඳින්න ඕන.මෙවර රාජ්‍ය නිළධාරීන් ,මහජනතාව,හා අපේ වරිග පරම්පරාවේ ජනතාවගේ සහභාගිත්වය විතරක් වුනු නිසා කිසිම කලබලයක් නැතිව අපේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න හැකි වුනා.
එක්දහස් නවසිය අනූහතරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ආදීවාසී අපි වෙනුවෙන් දිනයක් වෙන් කිරීම පිළිබඳව අපි සතුට පල කරනවා.පිලිවෙලක් නැතිව දසත විසිරිලා හිටිය ආදීවාසී පරපුරට එකට එක්වී සාකච්ඡා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.ඔවුන්ගේ ගැටලු ප්‍රශ්න සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙනවා.යනුවෙන් ප්‍රකාශ කරන ලදී.
සංස්කෘතික රාජ්‍ය අමාත්‍යාංශය,හා මහියංගණ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය මගින් මෙම වැංසටහන සංවිධානය කර තිබුණි






No comments:

Post a Comment