Sunday, September 28, 2014

video >> 2 මහියංගන නගරයේ හොරා සීසීටීවි කැමරායට මාට්ටු

video >> මහියංගන නගරයේ හොරා සීසීටීවි කැමරායට මාට්ටු - කාලයක් තිස්සේ සිදු කල හොරකම් මෙවර මාට්ටු 

https://www.facebook.com/video.php?v=544173292378823&set=vb.160815704047919&type=2&theater

මහියංගන නගරයේ වසර කිහිපයක් තිස්සේ සිදු කරනා වෙළෙදසැල් මන්කොල්ලයේ දර්ශන රෑගත කරන්න
ට වෙළෙද සැල් දෙකක සවිකර තිබු සීසීටීවි කැමරා දෙකක් සමත්ව තිබෙන අතර වසර ගනනාවක් තිස්සේ එක් රැයකට වෙළෙදසැල් කිහිපයක් මන්කොල්ල කෑම මෙම සොරාගේ පුරුද්දක් වන අතර මෙම සොරා සම්බන්දයෙන් කිසිදු හෝඩුවාවක් හෝ සලකුණක් නොතිබිම හේතුවෙන් අත් අඩංගුවට ගැනිමට නොහැකිව තිබුනි.

16 දින (පෙර්දා) රාත්‍රි 2.18ට පමණ මහියංගන නගරයේ මත්පැන් අලෙවිසැල් දෙකක දොරවල් වල ඉබියතුරු කඩා ඇතුලුව මුදල් හා බඩු භාන්ඩ සොරා ගෙන ඇත.
අවස්ථා රැසකදි මහියංගන නගරයේ මෙවැනි සොරකම් රැසක් සිදු උවද සොරා පිළිබද යම් හෝඩුවාවක් හෝ ඉගියක් ලබා ගන්නට කිසිවෙකුට නොහැකි විය. සොරකම් සිදු වු සෑම අවස්ථාවකම පොලිසිය සැක ඵල කර සිටියේ යම් පිරිසක් එක්ව සංවිධානාත්මකව නගරයේ ‍වෙළද සැල් කිහිපයක් කඩා සොරකම් සිදු කරන බවත්ය. එහෙත් මෙවර එම සිතුවිල්ල වෙනස් කරමින් සොරකම සිදු කරන අයුරු මුල සිට අග දක්වා රූගත කර ගන්නට වෙළෙදසැල් දෙකක සිසි ටිවි කැමරා සමත්ව ඇති අතර වෙළෙද සැලේ කැමරා සවිකර තිබෙන බව සොකකමේ පැමිණි පුද්ගලයා දැන සිටි බවක් පෙනෙන්නට නැත.

මේ සම්බන්දයෙන් වෙළෙදසැල් හිමියන් මහියංගන පොලිසිය වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කර ඇති අතර සහකාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. වික්‍රමසිංහ මහතා හා අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ. චතුරංග මහතා විසින් පරික්ෂණ සිදු කරන අතර මෙම දර්ශණ උපයෝගි කර ගනිමින් මෙවර හොරා අල්ලා ගැනිමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. මෙම පුද්ගලයා හදුනා ගත්තේනම් වහාම ඒ පිළිබද මහියංගන පොලිසිය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටි. දුරකථන අංක 055 2257222
 — at video >> මහියංගන නගරයේ හොරා සීසීටීවි කැමරායට මාට්ටු .

No comments:

Post a Comment