Sunday, September 28, 2014

UNP හා සංධාන ආධාරකරුවන් ගැටි මහියංගනය උණුසුම් වෙයි

2014 September 22 
UNP හා සංධාන ආධාරකරුවන් ගැටි මහියංගනය උණුසුම් වෙයි

එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් හා සංධාන ආධාරකරුවන් කිහිපදෙනෙකු ඊයේ (22 ) සවස රිදිමාලියද්ද ආදාඋල්පත ප්‍රදේශයේදි ගැටිමක් සිදු වි ඇති අතර ඒ සම්බන්දයෙන් එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් මහියංගන පොලිසිය වෙත පැමිණිලි කිරිමට පැමිණ ඇති අතර එසේ පැමිණි වෑන් රථයේ තිබි (පහර දිම සදහා යකඩ ) පොලු රාශියක් ගෙනවිත් තිබේ යැයි පවසමින් සංධාන ආධාරකරුවන් පොලිසිය ඉදිරිපිටදි (පාරේ) ඹහුනය ප්‍රහාරයක් එල්ලකර ඇත. එසේ පහර කෑමට ලක් වු එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් තිදෙනෙකු මහියංගන මුලික රෝහලේ හා ඌරනිය රෝහලේ නේවාසික ප්‍රතිකර ලබමින් සිටිති.

සිද්දිය සම්බන්දයෙන් උණුසුම් වාතාවරණයක් ඊයේ සවස මහියංගනය පොලිසිය ඉදිරිපිට ඇති වු අතර එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් අතර පැමිණ වෑන් රථයේ එක්සත් ජාතික පක්ෂ පක්ෂයෙන් මෙවර ඌව පළාත් සභාව සදහා තරග කල උපාලි සේනාරත්න මහතාද සිට ඇත. ඔහු එත්සත් ජාතික පක්ෂයේ මනාප වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් හත්වන ස්ථානයේ සිටිති.
සංධාන ආධාරකරුවන් විසින් රිදිමාලියද්ද නාගදිප ප්‍ර දේශයේ පුද්ගලයෙකුගේ නිවසකට හා ත්‍රිරෝද රථයකට පහර දි දැඩි අලාභහානි සිදු කර ඇත.
තමාට හා තමාගේ ආධාර කරුවන් හට සාමකාමි ආකාරයෙන් සිටිමට අවස්ථාවක් නොදෙන බවට එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට එරෙහිව අනුර විදානගමගේ මහතා මහියංගන පොලිසිය වෙත පැමිණිලි කර ඇත. එම අවස්ථාව සදහා තේනුක විදානගමගේ මහතා ඇතුලු විශාල සංධාන ආධාරකරුවන් පිරිසක් මහියංගන පොලිසිය ඉදිරිපිටට පැමිණ සිටියේය.
ගැටුම හේතුවෙන් හා තවත් මෙන් ගැටුම් ඇති විම වැලැක් විම සදහා මේ වන විට මහියංගන නගරය විශේෂ කාර්ය බළකාය (S.T.F) යටතේ දැඩි ආරක්ෂාව සලසා ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් මහියංගන පොලිස් නිළධාරින් පරික්ෂණ සිදු කෙරේ.

එක්සත් ජාතික පක්ෂයේ උපාලි සේනාරත්න මහතාගේ නිවසට හා ජනතාවිමුක්ති පෙරමුනේ අපේක්ෂක සුදත් බලගල්ල මහතාගේ නිවසට මේවන විට විශේෂ කාර්ය බළකාය (S.T.F) යටතේ දැඩි ආරක්ෂාව සලසා ඇත





No comments:

Post a Comment