Sunday, September 28, 2014

මොණරාගල මනාප ලැයිස්තුවේ පළමු තැන ශෂීන්ද්‍රට

2014 September 21 · Edited
මොණරාගල මනාප ලැයිස්තුවේ පළමු තැන ශෂීන්ද්‍රට

ඌව පළාත් සභා මැතිවරණයේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ මනාප ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. එ් අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා මහ ඇමැති අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මනාප 96,619ක් ලබා ගනිමින් එහි පෙරමුණේ පසුවනවා.

දෙවන ස්ථානයට තේරීපත්ව ඇත්තේ කුමාරසිරි රත්නායක මහතායි. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 59,285ක්.

උදාර සොයිසා මහතා මනාප 48,512ක් ලබා ගනිමින් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

සාලිය සුමේධ මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 21,206 ක්. සෙනරත් අත්තනායක මහතා මනාප 19,448 ක් ලබාගෙන තිබෙනවා.

විමලදාස ගලගමආරච්චි මහතා ලබාගෙත් මනාප සංඛ්‍යාව 17,625ක්. හරීන් ධර්මදාස මහතා මනාප 15,843ක් ලබාගෙන තිබෙනවා. පද්ම උදේශාන්ත ගුණසේකර මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 12,412ක්.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ ආනන්ද කුමාරසිරි මහතායි. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 24,421ක්.

එච්.එම්.ධර්මසිරි මහතා මනාප 18,400ක් ලබාගනිමින් දෙවන ස්ථානය දිනාගෙන තිබෙනවා.

තිස්ස කුට්ට්ආරච්චි මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 18,265ක්.

ජයතිස්ස බණ්ඩාර මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 16437ක් ලබාගෙන තිබෙනවා.

මොනරාගල දිස්ත්‍රික්කයෙන් පළාත් සභාව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලබාගත් මනාප ඡන්ද ලැයිස්තුව පහත පරිදි වේ.



No comments:

Post a Comment