Thursday, September 25, 2014

රංටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථායේ භෝජනාගාරයේ ආහාර ද්‍රව්‍ය වංචාවක් - සේවකයෝ 3ක් මාට්ටු

5/28/2014 12:20 PM

රංටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථායේ භෝජනාගාරයේ ආහාර වංචාවක් සම්බන්දයෙන් එහි තාවකාලික ලෙස සේවය කල සේවකයෝ තිදෙනෙක් හසලක පොලිසිය විසින් පෙරේදා (27) සවස අත් අඩංගුවට ගෙන ඇති අතර මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. අත් අඩංගුවට ගත් පුද්ගලයන් මිනිපේ ප්‍ර දේශය අවට පදි...ංචි කරුවන් යැයි තොරතුරු අනාවරණය වේ.
රංටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථායේ නිළධාරින් විසින් මෙම වංචාව සිදු කරගෙන යන සේවකයන් අල්ලා හසලක පොලිසියට බාරදීමට කටයුතු කර ඇති අතර බෝජනාගාරය සදහා ලබාදෙන ආහාර ද්‍රව්‍ය වලින් කොටසක් පිටත ස්ථානයකට රැගෙන ගොස් විකිණිම කලක සිට සිදු කරගෙන යන බවට ලද තොරතුරකට අනුව නිළධාරින් විමසිල්ලෙන් සිට මෙම වංචාව පිළිබද තොරතුරු අණාවරනය කර ගැනිමට හා වංචාව සිදු කරන විය භාණ්ඩ සමගම පුද්ගලයන් අල්ලාගැනිමට හැකි වි තිබේ. නිළධාරින් විසින් අල්ලා ගන්නා මොහොතේදී රුපියල් 10000ක් පමණ ආහාර ද්‍රව්‍ය පිටතට රැගෙන යාමට සුදානම් කර තිබි ඇත.
හසලක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂඛ රුවන් කුමාරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදු කරනු ලැබේ.

No comments:

Post a Comment