Sunday, September 28, 2014

කාන්තාව මිය ගියේ කෙසේද යන්න අභිරහසක්-කාන්තා මළසිරුරක් කුඹුරක් මැද


 2014 August 29
Album: Publicකාන්තාව මිය ගියේ කෙසේද යන්න අභිරහසක්-කාන්තා මළසිරුරක් කුඹුරක් මැද

කාන්තාව මිය ගියේ කෙසේද යන්න අභිරහසක් - කාන්තා මළසිරුරක් කුඹුරක් මැද මහියංගන මැලිබන් ඇගලුම් කම්හල පිටුපස නිවසක කුඹුරක් මැද කාන්තා මළසිරුක් තිබි පෙරේදා ( 28) සවස 3.30 පමණ සොයාගෙන අති අතර ඒ සම්බන්දයෙන් මහියංගන පොලිසිය දැනුවත් කිරිමෙන් අනතුරුව මළ සිරුර සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබිය. මහියංගන වැඩබලන මහේස්ත්‍රාත් එස්. ගෝවින්ද මහතා විසින් අදාල ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කල අතර එම කාන්තාව මියගිය ආකාරය කෙසේද යන්න අනාවරණය කර ගත නොහැකි නිසා පශ්චාත් මරණ පරික්ෂණය කටයුතු සදහා දේහය බදුල්ල මහ රෝහල වෙත යවන ලෙස නියෝග කරනු ලැබිය. මේ ආකාරයෙන් මියගොස් ඇත්තේ විජේකෝන් මුදියන්සේලාගේ අනුලා කුමරිහාමි නම් වයස 49ක්වන දරුවන් තිදෙනෙක් සිටිනා කාන්තාවක් වන අතර ඇය පිදිංචිව සිට ඇත්තේ ඩි එල් 12, හැංගුම, මිල්ලැත්තෑව, ගිරාදුරුකෝට්ටේ වන අතර ඇය හේමලතා විජේසුන්දර, අංක 24, තිස්සමාවත, මහියංගන ( මහියංගන මැලිබන් ඇගලුම් කම්හල පිටුපස) යන නිවසේ හිමි කාරියගේ උපස්ථායක වරිය ලෙස සේවය කර ඇති අතර අද (26) දින සවස සිට ඇය එම නිවසින් අතුරුදහන්ව සිට ඇත. මේ සම්බන්දයෙන් මියගිය කාන්තාවගේ බැනා විසින් මහියංගන පොලිසිය වෙත දැනුවත් කර පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත. නැති වු කාන්තාව පිළිබද ඇයගේ පවුලේ ඥාතින් සොදිසි කිරිමේදි ඇය ගේ මෘත ශරිරය ඇය සේවය කල නිවස පිටුපස කුඹුරක තිබි යොයාගනු ලැබිය.මහියංගන සහකාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. වික්‍රමසිංහ අධික්ෂණයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ. චතුරංග මහතා ඇතුලු මහියංගන පොලිසියේ නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

No comments:

Post a Comment