Sunday, September 28, 2014

ඌව මන්ත්‍රී ලැයිස්‌තුව රජයේ මුද්‍රණාලයට - බදුල්ල දිස්‌ත්‍රික්‌කයට මන්ත්‍රීවරුන් 18 ක්‌

2014 September 25

ඌව මන්ත්‍රී ලැයිස්‌තුව රජයේ මුද්‍රණාලයට - බදුල්ල දිස්‌ත්‍රික්‌කයට මන්ත්‍රීවරුන් 18 ක්‌ 

ඌව පළාත් සභා මැතිවරණයෙන් ජයගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත්කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්‌ විසින් ඊයේ (24 දා) රජයේ මුද්‍රණාලයට යවා තිබේ.

ජයගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන දෙක අදාළ දිස්‌ත්‍රික්‌ සහකාර මැතිවරණ කොමසාරිස්‌වරුන් විසින් කොළඹට එවා තිබිණි. 

ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට දිවුරුම් දීමට හැකි බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය.

මොනරාගල දිස්‌ත්‍රික්‌කයට මන්ත්‍රීවරුන් 14 ක්‌ හා බදුල්ල දිස්‌ත්‍රික්‌කයට මන්ත්‍රීවරුන් 18 ක්‌ තේරී පත්වූහ.

No comments:

Post a Comment