Sunday, September 28, 2014

නැවතත් මහියංගන රජමහා විහාරය අසලට අලි දෙදෙනෙක් එයි


නැවතත් මහියංගන රජමහා විහාරය අසලට අලි දෙදෙනෙක් එයි     2014 August 24
Album: Public
නැවතත් ජනාකිර්ණ මහියංගන රජමහා විහාරය අසලට අලි දෙදෙනෙක් එයි
මහියංගන රජමහා විහාරය ආසන්නයේ වු මහවැලි ගග අසලට 24 දින(අද) උදැසන වන අලි දෙන්නෙක් පැමිණ සිටි අතර ගම්වාසින් විසින් ඒ බව මාපාකඩවැව අලි පාලන ඒකකයේ වනජිවි නිළධාරින් දැනුවත් කිරිම සිදු කලහ.
වනජිවි නිළධාරින් එම ස්ථානයට පැමිණ ගම්වාසින්ට වන අලින්ගෙන් සිදුවිය හැකි අනතුරු අවම වන පරිදි ආරක්ෂාව සලසා දුන් අතර සවස් කාලයේදි වන අලි දෙදෙනා රක්ෂිතයක් වෙත පන්නා දැමිමට කටයුතු කරන බව පැවසිය.

වසර කිහිපයකට ඉහතදිද මේ ආකාරයෙන් පැමිණි වන අලියෙකු මහියංගන රජමහා විහාරයේ ගැට ගසා සිටි රජමහා විහාරයේ අලියාට පහර දුන් අතර වනජිවි නිළධාරින් ගෙන්වා පැමිණ සිටි වන අලියා පන්නා දැමිමට මහා සංඝරත්නට කටයුතු කලහ.


No comments:

Post a Comment