Thursday, September 25, 2014

රට වටා විවාහ 11ක් හා වංචා රැසක් සිදු කල පෙම් සක්විත්තා අල්ලයි

 
2014-06-07 ප.ව. 3:49

සැකරු අධිකරණයට ගෙනයමින් - ( සුදු කමිසයක් ඇද සිටින)

රට වටා විවාහ 11ක් හා පුද්ගලයන් හා ආයතන රැසකට වංචා සිදු කල පුද්ගලයෙකු මහියංගන පොලිසිය මගින් අත්... අඩංගුවටගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත් එස් ගෝවින්න මහතා විසින් සැකකරු මේ මස 20 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලදී.
බහු විවාහ හා මුදල් වංචා සිදු කිරම සම්බන්දයෙන් විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් පවරන ලද නඩු හම්බන්තොට, කඩුවෙල, මාතර මාහේස්ත්‍රාත් අධිකරණවල නඩු මේ වන විට විභාග කරමින් යන අතර එම නඩු සදහා ඉදිරිපත් නොවිම හේතුවෙන් සැක කරු ඇල්ලිම සදහා වරෙන්තු නිකුත්කර ඇත.

අරුණදේව පුෂ්පකාන්තන් අතපත්තු නම් වන මොහු වයස 42 ක් වන අතර ( ඡායා රූපයේ සුදු කමිසයක් ඇද සිටින) මොනරාගල දොඹගහවෙල හා මාතර ගොඩගම යන ප්‍ර දේශ වල පදිංචිව සිටි බවට පොලිසිය වෙත තොරු ලබා දී ඇත
.
මහියංගන සහකාර පොලිස් අධිකාරි ඩි.ජේ.ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස් නිළධාරි පො.ප. අබේසේකර, පො.කො. 56533 කොටදෙනිය, 28534 දිසානායක, 41886 බාතිය, 63905 නන්දියස්, 64274 බස්නායක යන නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ සිදු කරමින් සිටිති.

No comments:

Post a Comment