Thursday, September 25, 2014

උඩදුම්බර බඹරු ඇණලා පාසැල් දරුවන් 10ක් රෝහලේ - දරුවො බලන්න මහ ඇමති රෝහලට

2014-07-11 ප.ව. 8:31

උඩදුම්බර, කහටලියද්ද, උඩවෙල, චුලාභය ප්‍රාථමික විද්‍යාලයේ අද (11) උදැසන 7.30ට පෙර (පාසැල ආරම්භයට පෙර) පාසැල ඉදිරිපිට ගසක වු බඹරයක් ඇවිස්සිමෙන් පාස...ැල් ළමුන් 10 දෙනෙකු දෂ්ඨ කිරිම හේතුවෙන් උඩදුම්බර ප්‍රාදේශිය රෝහල වෙත ප්‍රතිකාර කිරිම සදහා ඇතුලත් කර ඇත. මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යා හා ප්‍රධාන අමාත්‍යවර සරත් ඒකනායක මහතාද මෙම දරුවන්ගේ සුව දුක් බැලිම සදහා අද (11) දහවල් රෝහල වෙත පැමිණියේය.

දරුවන් ගේ රෝගි තත්වයන් පිළිබද මහා අමාත්‍යවරයා වෛද්‍යවරුන් ගෙන් විමසු විට එක් දරුවෙකු පමණක් හෙට (12) දක්වා තබා ගන්නා බවත් අනෙක් දරුවන් 9 දෙනාම අද සවස ප්‍රතිකාර ලබා දිමෙන් පසුව ගෙදර යැවිය හැකි බව පවසා සිටියා.

දරුවන් පවසන්නේ පාසැල ඉදිරිපිට ඇති ගසේ ඇති බඹර කුඩයකට උකුස්සෙකුගේ ප්‍රහාරයට ලක්විමෙන් පසු ගේට්ටුව ආසන්නයේ සිටි ළමුන්ට පන්න පන්නා දෂ්ඨ කල බවයි.
See More

No comments:

Post a Comment