Sunday, September 28, 2014

මහියංගන U.N.P. ජනහමුවට ජන ගගක්

 2014-09-15 ප.ව. 11:52

ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පැවති මහියංගන එක්සත් ජාතික පක්ෂ අවසන් ජනහමුව සදහා විශාල ජන ගංගාවක් සහබාගි වි සිටි අතර අද (15) එම ජන හමුව මහියංගන බුද්ධගයා අනුරුව අදලදී පැවැත් විනි. එම ජන හමුව සදහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රම සිංහ මහතා, තිස්ස අත්තනායක මහතා, සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයාගමගේ මහතා රන්ජන් රාමනායක මහතා, ඌව පළාත් සභා මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා, පළාත් සභා අපේක්ෂක මහතුන් හා එක්සත් ජාතික පක්ෂ දේශපාලන නායකයන් විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා සහබාගි වි සිටියේය.
එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයාගමගේ මහතාගේ 54 වන උපන්දිනය රනිල් වික්‍රම සිංහ මහතා ඇතුලු විශාල පිරිසක් සමග ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පැවති මහියංගන එක්සත් ජාතික පක්ෂ ජනහමුවේදි විශාල ජනතාවක් ඉදිරියේ සැමරුහ.
එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික්‍රම සිංහ මහතා වේදිකාවට කුඩා දරුවන් රැසක් ගෙන්වා කේක් කැවීය. එසේම ජන හමුව සදහා පැමිණ සිටි ජනතාවටද කේක් වලින් සංග්‍රහ කිරිමට කටයුතු කිරිම කාගේත් ආදරය හා ගෞරවය දිනා ගන්නට සමත් විය.




No comments:

Post a Comment