Thursday, September 25, 2014

දිසාපති පාලම කැඩිලා වසර 2 ½කට අධිකයි. තාම යලි පාලම හැදුවේ නෑ.

 ගලමුදුන අති දුෂ්කර ගම්මානයට යන්න හැදු දිසාපති පාලම කැඩිලා වසර 2 ½කට අධිකයි. තාම යලි පාලම හැදුවේ නෑ. ගමේ හදපු ප්‍රජාශාලාවේ වැඩ බාගෙට - නතර කරලා වසරකට වැඩියි.
8/4/2014 2:35 PM

හසලක - මිනිපේ ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශයේ ඉතාම අති දුෂ්කර ගම්මානය...
ක් වන ගල මුදුන ගම්මානයට යෑම සදහා ලක්ෂ 18ක වියදමින් හීං ගග හරහා ඉදිකල පාලම එය විවෘත කර වසරක් පිරෙන්නට කලින් එම පර්ෂයේ ලැබු ප්‍රථම වර්ශාවටම සෝදාගෙන ගොස් කැඩි බිදි දැනට වසර 2 ½කටත් අධික කාලයක් ගතවි ඇති අතර මේ වන තුරු පාලමක් ඉදිකර නොදිම සම්බන්දයෙන් ගලමුදුනගම්වාසින් ගේ දැඩි අප්‍රසාදයට හේතු වි ඇත.
එමෙන්ම ගලමුදුන ගම්මානයේ ලක්ෂ 10ක් වැය කරමින් ඉදිකරන ලද ප්‍රජාශාලාව වසර 3කට අධික කාලයක් ගතවී ඇතත් මේවන තුරු එහි වැඩ නිම කර නොමැති බවට ගම්වාසින් චෝදන කරන අතර දැනට එහි වැඩ නතර කර වසරක් ගතවන්නට ආසන්න බව ගම්වාසින් චෝදනා කරති. පෙරලුන පාලම හා ගම්මානයේ ප්‍රජාශාලාවේ කොන්ත්‍රාත් කට යුතු මිනිපේ ප්‍රාෙද්ශිය සභාවේ මන්ත්‍රිවරයෙකු විසින් සිදු කල බවත් ඔහු විසින් සිදු කරනා ක්‍රිසිදු කට යුත්තක් වගකිමකින් තොරව හා ප්‍රමිතියෙන් තොරව සුදු කරන
බවට ගම්වාසින් චෝදන කරන අතර මේ සම්බන්දයෙන් සොයා බැලිමට සිටිනා පුද්ගලයන්ද මුනිවත රැකිම හේතුවෙන් මෙවැනි අක්‍රමික තා දිගින් දිගමය සිදු කිරිමට හැකි වි ඇති බවට ගම්වාසිගේ අප්‍රසාදය ප්‍රකාශ කර සිටි.
මිනිපේ කොලොන් ගොඩ සිට සුලුගුනේ ගම්මානයට ගොස් එතැන් සිට හීං ගග තරනය කරමින් කිලෝමිටර් 7ක් ගිරි ශිකර මැදින් අඩිපාරක් පමණක් ඇති අතිදුෂ්කර ගමනක යෙදෙමින් ගල මුදුන ගම්මානයට ලගා විය යුතු අතර වර්ශා සමයේ හිංගග පිටාර ගැලිම හේතුවෙන් ගග තරනය කල නොහැකි විමෙන් (පාලමක් නොමැති කමින්) කිලෝමිටර් 18ක දුරක් දෙපයින් ගමන් කිරිමට සිදු වේ. බොහෝ විට වර්ශා සමයේ සති 2-3ක් එම ගම්මානයේ ගම්වාසින්ට පොල්තෙල්, ලුණු, ලබාගැනිම සදහා සුලු ගුනේ ගම්මානය දක්වා පැමිනිමට නොහැකිව හුදෙකලාව සිටිමට සිදුවන වාර අනන්ත බව ගම්වාසින් පවසති. එවන් වකවානුවක ගම්මානයේ රෝගියෙකුට ප්‍රතිකාර ලබාගැනිමට හෝ ගර්භනි කාන්තාවකට දරු ප්‍රසුතියක් සිදු වන්නට ඇත්නම් සිදුවන්නේ මහත් විනාශයකි. ගම්මානයේ පවුල් 25ක් පමණ සිටිනා අතර 100කට ආසන්න ගනනක ජනගහනයක් එහි වෙසෙති. ගොඩනැගිලි දෙකකින් යුතු ප්‍රාතමික පාසලක්ද ගම්මානයේ තිබේ. ලුණු හා පොල්තෙල් හා බටහිර ඖෂධ ප්‍රතිකාර සදහා පමනක් ගම්වාසින් පිටතින් සපුරා ගන්නා අතර අනෙක් සියලු අවශ්‍යතා ගම්මානය තුලදීම සපුරා ගනි.
2009 වර්ශයේ එවකට සිටි මහනුවර මහ දිසාපති ගෝඨාඹය ජයරත්න මහතා ගල මුදුන ගම්මානයේ සිදු කල විශේෂ සංචාරයකදී ගම්වාසින් විසින් සිදු කරන ලද විශේෂ ඉල්ලිමකට අනුව මහින්ද චින්තන වැඩසටහන යටතේ ක්‍රියාත්මක දුෂ්කර ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය මගින් ලක්ෂ 18ක මුදලක් ලබා දී ත්‍රිරෝද රථයක් ගමන් කිරිමට හැකි මට්ටමේ පාලමක් සැදු අතර එම පාලම ඉදිකිරිමේ කටයුතු භාරව කටයුතු කරනු ලැබුවේ මිනිපේ ප්‍රාෙද්ශිය සභා මන්ත්‍රි වරයෙක් විසිනි. 2010-06 14 දින මධ්‍යම පළාත් මහා අමාත්‍ය සරත් ඒකනායක මහතා හා මහනුවර මහ දිසාපතිව සිටි දිසාපති ගෝඨාඹය ජයරත්න මහතා විසින් මෙම පාලම විවෘත කරනු ලැබු අතර ගම්වාසින්ගේ විශාල අවශ්‍යතාවයක් එමගින් මල්ඵල ගැන්වුනු අතර ගම්වාසින් විසින් එම පාලම දිසාපති පාලම යැයිද නම් කරනු ලැබුවේ මහනුවර මහ දිසාපතිව සිටි දිසාපති ගෝඨාඹය ජයරත්න මහතා විසින් තමන් විදින දුක් කම්කටොලු දැක ඒ වාට යම් හෝ පිහිටක් වන්නට ගම්මානටය ලබා දුන් පාලම වෙනුවෙන් ගෞරවයක් ලබාදිමේ අරමුණ සහිතවය .
එසේ ඉදිකල පාලම ගම්වාසින්ගේ අවාසනාවන්ත කමට වසරක් පිරෙන්නට කලින් ලැබු ප්‍රථම වර්ශාවටම සෝදාගෙන ගිය ඇති අතර පාලම ගසාගෙන යන මොහොතේ කොලොන්ගොඩ පොළ සදහා යමින් සිටි ගම්වාසින් 15 දෙනෙකුගේ ජිවිත බේරි ඇත්තේ උඩසිටිනා දෙවියන්ගේ බැල්ම හේතුවෙන් බව ගම්වාසින් පවසති. ගම්වාසින්ගේ ඇස් ඉදිරිපිටම පාලම සෝදාගෙන ගොස් ඇති අතර එසේ සෝදාගෙන ගොස් වසර 2 ½කට අධික කාලයක් ගත වි ඇතත් ඒ සම්බන්දයෙන් වගකිවයුතු නිළධාරින්, අමාත්‍යවරුන් මැදිහත් වි පාලම කැඩියාමට හෝතුව සොයා බලා නොමැති අතර ඒ වෙනුවට අලුත් ප්‍රමිතියෙන් යුතු පාලමක් ඉදිකරිමටද කටයුතු කර නොමැත. ගම්වාසින් පවසන්නේ කම්බි නොයොදා කොන්ක්‍රිට් සමග විශාල කලු ගල් ‍යෙදිම හා පිහිටි කලු ගල මතු නිකම්ම කොන්ක්‍රිට් යොදා පාලම ඉදිකල බවත් පිහිටි කලුගල සිදුරුකර කම්බි යොදා සවි ශත්තිමත් ලෙස පාලම සැදුවේ නම් මෙවැනි අපරාධයක් නොවන බව ගම්වාසින් පවසති.
ගලමුදුන් ගම්මානයේ පාසල් භුමිය තුල ඉදිකර ඇති ප්‍රජාශාලාවේ වැඩද වසර ගනනාවක් තිස්සේ සිදු කරනගෙන යන අතර එහි වැඩද ප්‍රමිතියෙන් තොරව සිදු කරන බවත් මේ වන විටත් සිමෙන්ති පොලව ඉරිතලා පිපිරි ඇති බවත් ප්‍රජාශාලාව විවෘත කිරිමට පෙර කඩා වැටෙනු ඇතැයි ගම්වාසින් බිය ඵල කර සිටිති.
මෙවැනි හුදෙකලා වු අති දුෂ්කර ගම්මාන සදහා රජය විසින් ලබා දෙන මුදල් දේශපාලන නියෝජිතයන් විසින් ඵල ප්‍රයෝජනයක් ගත නොහැකි අයුරින් කාබාසිනියා කර දැමිම සම්බන්දයෙන් සොයා බලන ලෙසත් ගම්මානයේ පහසු කම් තවදුරටත් වැඩි කර දෙන ලෙස ගම්මාසින් ඉල්ලා සිටි.
See More

No comments:

Post a Comment