Monday, September 29, 2014

ඌව මහ ඇමැති හා ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීම හෙට

2014-09-29 ප.ව. 10:29

ඌව පළාත් නව මහ ඇමැති ඇතුළු ඇමැති මණ්‌ඩලය හෙට (30 දා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.

ඌව පළාත් නව මහ ඇමැතිවරයා වශයෙන් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා දිවුරුම් දෙනු ඇත.

හිටපු ඇමැතිවරුන්ගෙන් තිදෙනකුට මෙවරත් ඇමැති ධුර හිsමිවනු ඇති අතර අනෙක්‌ ඇමැති ධුරය ලබාදෙන්නේ කාහටද යන්න මෙතෙක්‌ තීරණය කර නැත. මේ සම්බන්ධව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (29 දා) දිවයිනට පැමිණීමෙන් පසු තීරණයක්‌ ගනු ඇතැයි දැනගන්නට තිබේ.

ඌව පළාත් නව මැති ඇමැතිවරු දිවුරුම් දීමේ උත්සවය හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතය.

No comments:

Post a Comment