Sunday, September 28, 2014

ඌවේ හිටපු මන්ත‍්‍රීවරුන් 16 කට වරම් අහිමිවෙයි.

ඌවේ හිටපු මන්ත‍්‍රීවරුන් 16 කට වරම් අහිමිවෙයි.

ඌව පළාත් සභා මැතිවරණයට මෙවර ඉදිරිපත් වූ පසුගිය පළාත් සභාව නියෝජනය කළ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් 16 දෙනෙකුට මෙවර යළි පළාත් සභා වරම් අහිමිවුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පසුගිය පළාත් සභාව නියෝජනය කළ ආර්.ඒ.ආර්. බන්දුසේන, මානෙල් රත්නායක, ජේ.එම්. ගුණතිලක, අජිත් දේශප‍්‍රිය, සුමිත් සමයදාස, නිමල් රත්නායක, අජිත් ලියනගේ, දයාරත්න බණ්ඩාර, අනිල් වැලිවිට සහ කේ.එම්. සිරිසේන හිටපු මන්ත‍්‍රීවරුන්ට මෙවර පළාත් සභාව නියෝජනය කිරීමට අවස්ථාව අහිමි වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් ඌව පළාත් සභාව නියෝජනය කළ ආර්. කුලතුංගට ද මෙවර සිය මන්ත‍්‍රී ධුරය අහිමිවුණා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ බණ්ඩාරවෙල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ රවී ගුණවර්ධන පළාත් සභා මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වුණා. එහෙත් ඔහුටද මෙවර පළාත් සභාවට තේරීපත්වීමට හැකියාව ලැබුණේ නැහැ. එමෙන්ම මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වූ මිහිමල් මුණසිංහ ද මෙවර මැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව පළාත් සභාවට තේරී පත්වීමට වරම් අහිමි වුණා.

ජාතික නිදහස් පෙරමුණේ සිට සන්ධානයට එක්වූ ඩබ්ලිව්.ඒ. උදය කුමාර නාමයෝජනා නොලැබීම හේතුවෙන් මොණරාගල දිස්ත‍්‍රික්කය සඳහා ස්වාධීනව තරඟ කළ අතර ඔහුටද මෙවර පළාත් සභාව නියෝජනය කිරීමට අවස්ථාව හිමිවූයේ නැහැ. මේ අතර ගියවර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ සුජීව ජයසිංහ මෙවර පළාත් සභාවට ඉදිරිපත් නොවීමද විශේෂත්වයක්.

No comments:

Post a Comment