Tuesday, September 30, 2014

ඌව මහඇමති යළි දිවුරුම් දෙයි අමාත්‍ය මණ්ඩලය පත් කිරීම කල් යයි

2014-09-30
ශෂින්ද්‍ර ඌව මහඇමති ලෙස යළි දිවුරුම් දෙයි - අමාත්‍ය මණ්ඩලය පත් කිරීම කල් යයි

ඌව නව ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ උදෑසන 09.14ට පමණ මෙම දිවුරුම් දීම සිදුවු බවයි. ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ දෙවැනි වරටයි. ඉකුත් 20 වැනිදා පැවති ඌව පළාත් සභා මැතිවරණයට මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් තරගකළ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා මනාප ඡන්ද 96,619ක් ලබාගෙන එම දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප ලාභියා බවට පත්වුණා. මෙම දිවුරුම් දීමේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න, කථානායක චමල් රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.








No comments:

Post a Comment