Sunday, September 28, 2014

ඌවට පොලිසියෙන් 12000ක්

ඌවට පොලිසියෙන් 12000ක්
ඌව පළාත් සභා මැතිවරණය නිමිත්තෙන් බදාදා (17) සිට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 12000ක් යොදවා මොණරාගල හා බදුල්ලේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මොණරාගල දිස්ත්‍රික්කයේ ජංගම සංචාර සහ මාර්ග බාධක සඳහා විශේෂ කාර්ය බළකාය යෙදවීමට ද නියමිතය.
බදාදා (17) රාත්‍රී 12න් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට නොහැකි බවත්, මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් රථ පෙළපාළි, පාපැදි පෙළපාළි හෝ වෙනයම් ආකාරයක පෙළපාළි ගමන් කරන සහ කටවුට් සහ පෝස්ටර ප්‍රදර්ශනය කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

No comments:

Post a Comment