Monday, September 29, 2014

අලි පහරදීමෙන් තිදෙනෙක් රෝහලේ - කාන්තාවක් දැඩි සත්කාර ඒකකයේ

2014-09-27 ප.ව. 5:29

ගම්වැදුනු අලි රංචුවේ පහරදීමෙන් තිදෙනෙක් රෝහලේ - කාන්තාවක් දැඩි සත්කාර ඒකකයේ


මහියංගන දම්බරාව ප්‍රදේශයේ අද (27) උදැසන වන අලි 4කගේ රංවුවක් හා මහියංගන නගරයට ආසන්නයෙන් ගලාබසින මහවැලි ගගේ වන අලි 3කගේ රංවුවක් පැමිණ සිටුනු දැක ගන්නට හැකි වු අතර ඒ සම්බන්දයෙන් මහියංගන පොලිසිය මගින් ගිරාදුරුකෝට්ටේ හා මාපාකඩවැව අලි පාලන මධ්‍යස්ථානයේ නිළධාරින් දැනුවත් කිරිමෙන් පසු දම්බරාව ප්‍රදේශයේ වන අලි එලවිමේ මෙහෙයුමක් ආරම්භකර වන අලි පන්නා දැමිමට කටයුතු කරනු ලැබිය.

දම්බරාව ප්‍රදේශයට පැමිණ සිටි වන අලි 4න් තිදෙනෙකු පගරගම්මන ගම්මානය දෙසට පැන්නු අතර එක් වන අලියෙකු පමණක් දම්බරාව ගම්මානයේ ඉතිරිවිය. නැවතත් එම වන අලියා පැන්නීමේ මෙහෙයුම ක්‍රියාත් මක කල අතර එහිදි දම්බරාව ප්‍ර දේශයේ නිවසක වහලයකට වන අලියා පහර දීම හේතුවෙන් වහලය කැඩි දේපල අලාභහානිද සිදු විය. එම වන අලියා ගම්මානය දිගේ දිව යාමේදි මාපාකඩවැව 20 කණුව ප්‍ර දේශයේදි පුද්ගලයෙකුට පහර දී ඇති අතර වයස අවුරුදු 51 වන බි.ඩි. පොඩිසිංඤෙ නම් පුද්ගලයෙකුට පහර දි ඇති අතර ඔහු මේ වන විට මහියංගන මුලික රෝහලට ඇතුලත් කර වාට්ටු අංක 08 නේවාසික ප්‍රතිකාර ලබා ගනිමින් සිටි.

මහවැලි ගගේ සිටි වන අලි 3කගේ රංවුව ගග දිගේ පහලට ගමන් කිරිමේදි ගග දෙපස සිටි දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කර ඇත. මහියංගන වගාව ගම්මානයේ ජි.ජි. විමලාවති (වයස 56) නම් කාන්තාව වන අලි පහර කෑම ලක් වු අතර ඇය මහියංගන මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබමින් සිටි. සිද්දිය ඇසින් දුටු කාන්තාක්ද දැඩි කම්පනයට පත් වී ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇත.
මහියංගන සොරබොර ගගේයාය ගම්මානයේ වයස 32ක් වන අමිල සංජිවද මහවැලි ගග ආසන්නයේදි වන අලි ප්‍රහාරයට ලක් වි මහියංගන මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටි.

ඊයේ (26) දිනයේද උදැසන මහියංගන නගරය ආසන්නයට වන අලියෙකු පැමිනි අතර මහා මර්ගයේ ගමන් කරන විට ත්‍රි රෝද රථයකට මුහුනට මහුන හමුවි ඔහුන්ගේ ජිවිත හානියක් සිදු නොවි බේරුනේ පුරුවෙ පිනකටය.

දීර්ඝ කාලයක සිය මහියංගන අවට ගම්මාන රැසකට වන අලින්ගෙන් සිදුවන පිඩා ඉහල යමින් තිබෙන අතර දැන් දැන් නිරන්තරයෙන් ගම්වදින්නට පුරුදුව ඇත. වන අලි පැන්නිමට විදිමත් ක්‍රියාමාර්ග අනුගමනය නොකිරිම හා පන්නන අලි නැවතත් වෙනත් ගම්මානයකට ගමන් කිරිම හේතුවෙන් මෙම වන අලි පිඩා අවම කර ගැනිමට නොහැකිව ඇත. වගකිවයුතු පාර්ශවයන් නිරන්තරයෙන් කටින් පමණක් විසදුම් ලබාදෙන බවට පොරොන්දු ලබාදුන්නද මේ වන විටත් ඒවා පුස්සක් වී ඇත. වහාම කඩිනමින් මේ සදහා විසදුම් ලබාදී වන අලි උගුලෙන් මහියංගන ජනතාව බේරාගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටි.






No comments:

Post a Comment