Sunday, September 28, 2014

මහවැලි වියානා ඇළ මහියංගන පොලිසිය මැදිහත් වි පිරිසිදු කරයි.


මාධ්‍ය අණාවරනයෙන් පසු හරක් ඔළු හරක් ඇට කටු අපද්‍රව්‍ය දමා තිබු මහවැලි වියානා මහියංගන පොලිසිය මැදිහත් වි පිරිසිදු කරයි.

මහියංගන මාපාකඩවැව ප්‍රදේශයේදි මහවැලි වියානා ඇළට හොර හරක් ජාවාරම් කරුවන් විසින් කලක සිට ගවයන් මස් සදහා කපා ඉවතලන සිරුරු කොටස් දමා අපිරිසිදු කර තිබෙන බව මාධ්‍ය මගින අනාවරණය කිරිමෙන් පසු මහියංගන පොලිසිය මැදිහත් වි ඊයේ (26) දින මහවැලි ඇළ සුද්ද පවිත්‍ර කර පිරිසිදු කිරිමට කටයුතු කලේය.
මහියංගන සහකාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. වික්‍රමසිංහ මහතාගේ මැදිහත් විමෙන් මෙම පිරිසිදු කිරිමේ කටයුත්ත සංවිධානය කර තිබු අතර කුඩා ප්‍රමාණයේ ලොරි රථයක පිරවිය හැකි තරමේ ඇට කටු ප්‍රමාණයක් එකතු කර ඉවත් කරන්නට නිළධාරින් සමත් විය.
හොර හරක් ජාවාරම් කරුවන් විසින් මහවැලි ඇළට සත්ව කොටස් දමා සිදු කරන මෙවැනි නිති විරෝධි වැඩ හේතුවෙන් මහජනතාවට උග්‍ර සෞඛ්‍ය තර්ජනයක් එලල් වි තිබු අතර ඉදිරියේදි මෙවැනි දැ සිදු කරනා පිරිස් හා කන්ඩායම් මහජන සහයද ලබාගෙන අත්අඩංගුවට ගැනිමට සැළසුම් කර ඇති බව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.




No comments:

Post a Comment