Thursday, September 25, 2014

ඇසල පෝයට අගමැති මිනිපේ ප්‍රදේශයේ ආගමික වතාවත් රැසක - ගොඩනැගිල්ලක් නොමැති දහම් පාසැලට ගොඩනැගිල්ලක් ලබාදිමට අග්‍රාමාත්‍යවරයාගේ කැමැත්ත

2014-07-12 ප.ව. 3:02
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය මගින් සෑම පොහෝ දිනයකම දිවයින පුරා ඇති වෙහෙර විහාරස්ථානයකි...න් එකක් තෝරා සිදු කරනා විශේෂ ආගමික වතාවත් හා ආගමික වැඩසටහන් යටතේ පොහොදා ආගමික වැඩ සටහන් අද (12) සිදු කෙරුනේ මිනිපේ මොරයාය ශ්‍රි මහා නාගවනාරාම විහාරස්ථානයේදි අග්‍රාමාත්‍යා දි.මු ජයරත්න මහතා හා මධ්‍යම පළාත් සභා අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
මිනිපේ මොරයාය ශ්‍රි මහා නාගවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති කලවල සුජාත
හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දවස පුරා ආගමික වතාවත් රාශීයක් සංවිධානය කර තිබුනි. මෙම විහාරස්ථානයේ ශ්‍රි සරණ තිස්ස දහම්පාසැලේ දරුවන් 600ක් අධ්‍යාපනය ලබ අතර දහම් පාසැල් ගොඩනැගිල්ලක් නොමැති කමින් දිර්ඝ කාලයක සිට දරුවන් ගුරුවරුන් පිඩාවට පත්ව සිටියහ. අග්‍රාමාත්‍ය වරයා මෙම ගැටලුවට විසදුමක් ලබා දෙමින් දෙමහල් දහම් පාසැල් ගොඩනැගිල්ලක් ඉදි කරිම සදහා මුදල් ප්‍රතිපාදන ලබාදිමට සිය කැමැත්ත ප්‍රකාශ කර සිටියා. දහම්පාසැලේ දක්ෂතා දැක්වු දරුවන් හට ත්‍යාග කිහිපයක්ද ලබාදිම සිදු කෙරුනේ අග්‍රාමාත්‍ය තුමන්ගේ ප්‍රධානත්වයෙනි. සැදැහවත්හු දහස් ගණනක් විහාරස්ථානයට පැමිණ සිල් සමාදන් වූහ. තවත් පිරිසක් මල් පහන් පූජා කරමින් තුණුරුවණගේ ආශිර්වාද ලබාගත්හ.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථාන වැද පුදා ගැනිමට ගිය අතර එම විහාරස්ථානයේ භාරකාර දුරන්දර අස්ගිරිපාර්ශවයේ ජේෂ්ඨ සංඝ සබිඛ රාජකිය පණ්ඩිත උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් බැහැදැක සුවදුක් විමසා සිටියහ.


No comments:

Post a Comment