Friday, February 8, 2013

උසස් පෙළ හොද ප්‍රතිඵල එන විට දැරිය ඇගලුම් කම්හලේ රැකියාවට ගිහින්


කලා විෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන්ම දෙවන ස්ථානය ලබාගෙන ඇත්තේ මහියංගන සොරබොර ජනපදයේ හද්දත්තාව ද්වීතික පාසලේ ඉගෙනුම ලැබු  එස් එම් පී ජි ඉරේෂා කුමාරි ශිෂ්‍යාව වන අතර පවුලේ දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඇය මේවන විට මහියංගන නගරයේ ඇගලුම් ආයතනයක රැකියාව කරමින් සිටී. එමෙන්ම ඇය උසස් පෙළ විභාගයේ අවසන් විෂය සදහා රාත්‍රියේ පාඩම් කරමින් සිටින මොහොතක පාඩම් කරමින් සිටි මේසට මතට අසල්වාසියකු විසින් අලි පැන්නීම සදහා යොදාගන්නා රතිඤ්ඤා පත්තු කර දමා බියගන්වා ඇයගේ අධ්‍යාපනයට බාදා ගෙනදී ඇත. මෙවැනි දැඩි දුෂ්කරතා හා කරදර මධ්‍යෙ‍යේ ඇය මෙම ජයග්‍රහනය හද්දත්තාව ද්වීතික පාසලට හා මහියංගන අධ්‍යාපන කලාපයට ගෙන දී ඇතැයි හද්දත්තාව ද්වීතික පාසලේ විදුහල්පති එච් එම් ගාමිණි මාරසිංහ මහතා ප්‍රකාශකර සිටියා. මෙම දැරියගේ ඉදිරි අධ්‍යාපනය වෙනුවෙන් අත හිත දෙන්නට කිසියම් කෙනෙකු හට හැකිනම් එය ඇයට ලබා දෙන විශාල පිටු වහලක් බව විදුහල්පති එච් එම් ගාමිණි මාරසිංහ මහතා පවසනවා.

No comments:

Post a Comment