Friday, February 22, 2013

අපරික්ෂාකාරී වැලිලොරි රියදුරන් නිසා මාර්ග අනතුරු ඉහලට

අපරික්ෂාකාරී වැලිලොරි රියදුරන් නිසා මාර්ග අනතුරු ඉහල යන බව මිනිපේ පාලංහන්දිය ජනතාව පවසනවා. මෙම හේතුව නිසා 21 දින පෙර පාසල් කුඩා දරුවකු රිය අනතුරකට ලක්වුනා.
මහියංගන මහනුවර ප්රාධාන මාර්ගයේ වේරගංතොට පාලංහන්දිය ගගේයාට අතුරු මාර්ගයට හැරෙන මුහුන...තේ දින ගනනි වැලි පැටවු රෝද 10 විශාල ලොරි නතර කර තිබිම හේතුවෙන් අතුරුමාර්ගයේ සිට ප්රටධාන මාර්ගයට පිවිසීමේදි ප්රකධාන මාර්ගයේ ගමන් ගන්නා රථවාහන නොපෙනීම හේතුවෙන් විශාල අනතුරක් සිදු වීමේ ඉඩකඩ බොහෝ වැඩි වී ඇත. මේ සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදී හසලක පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් දැනුවත් කර තිබුනද ක්රිහයාමාර්ගයක් මෙතෙක් අනුගමනය කර නොමැත. මෙම ජායා රූප වලින් දැක්වෙන්නේ දින 3ක් තිස්සේ ප්ර ධාන මාර්ගයත් අතුරුමාර්ගය සම්බන්දවන ස්ථානයේ විශාල වැලි පැටවු ටිපර් රථයක් මාර්ග නීති අමු අමුවේ උල්ලන්ගනය වන අන්දවෙන් නවතා ගොස් දමා ඇති අයුරුයි. මෙම ස්ථානයේ පුරුද්දක් ලෙස රියදුරන් දිනගනන් වැලි පැටවු ලොරි රථ නතර කර දමා යන බවට ගම්වාසීන් චෝදනා කරති. හසලක පොලිසියටද මේ සම්බන්දයෙන් දන්වා ඇතිබව ගම්වාසීන් වැඩිදුරටත් පවසනවා.
මෙම ස්ථානයේ 21 දින පෙරපාසැල් නිමවී දරුවා නිවසට රුගෙන යන මවක් අතුරු මාර්ගයේ සිට ප්රාධාන මාර්ගයට පිවිසීමේදී ප්රවධාන මාර්ගයේ පැමිනි යතුරුපැදියක වැදි අනතුරට ලක්වුවා. ඉන් අනතුරුව පෙර පාසැල් දරුවා තුවාල ලබා රෝහල් ගත කිරිමට සිදු විය. මෙම අතුරු මාර්ගය පාසලක්, පාලමහන්දිය පවුල් සෞඛ නිළධාරී කාර්යාලය, වැලි තොටුපලවල් විශාල සංඛාවක් හා ගඩොල් ව්යාසපාරික ස්ථාන විශාල සංඛාවක් සේම පොදු සුසාන භුමියට යන මාර්ගය මෙන්ම ගම්මානයේ පවුල් 1500ක් පමන දිනපතා පරිහරනය කරනා පොදු මාර්ගයක් වේ.
තවත් අනතුරක් සිදු වීමට පෙර, හසලක පොලිසියේ නිළධාරීන් මේසම්බන්දයෙන් ක්රිනයා නොකරන නිසා වගකිවයුතු ඉහල නිළධාරීන්ගේ අවධානයට ලක්වනු ඇතැයි ගම්වාසින් අපේක්ෂාවෙන් යුතුව බලා සිටිනවා.

No comments:

Post a Comment