Monday, February 25, 2013

විල්ගමුවෙන් පැමිණිලි දෝරේ ගලයි

013 පෙබරවාරි මස 25 15:28:23 | කාංචන කුමාර ආරියදාස

විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර මහතාට එරෙහිව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උදිත් අනුරාධ මහතා අද පැමිණිල්ලක් විභාග කිරීමට විල්ගමු පොලීසියෙන් ගිය විට පොලීසිය මරණීය තර්ජන එල්ල කළැයි සභාපති ලග්ගල පොලීසියට පැමිණිලි කර ඇත.

විල්ගමුවේ රැස්වීම්වලට නොයන ලෙස සභාපති තමාට තර්ජනය කළ බව අනුරාධ කියයි.

දෙදෙනාම සන්ධානයේ... සාමාජිකයෝ ය.

පොලීසිය කියනුයේ එම පැමිණිල්ල විභාග කිරීමට ගිය විට සභාපති පොලීසියට බැණ තර්ජනය කළ බවයි.

තමා මරා දමණ බවට විල්ගමු පොලීසියේ පරීක්ෂකවරයකු තර්ජනය කළ බව ද ඔහු කියයි.

No comments:

Post a Comment