Tuesday, February 26, 2013

ජීව අත්බෝම්බයක් සමග ගංජා අත්අඩංගුවට

ජීව අත්බෝම්බයක් සමග ගංජා ග්රෑම් 890ක් ප්‍රවාහනය කරමින් සිටි අවිවාහක වයස 30ක පුද්ගලයෙකු මහියංගන පොලිසිය මගින් 25 දිය සවස අත්අඩංගුවට ගෙන ඇත.
මහියංගන පොලිසියේ නිළධාරින් සැකකරු අත්අඩංගුයට ගැනීමට යැමේදී සැකකර...ු දුවගොස් අසල්වාසී නිවසක මුලුතැන්ගෙට රිංගා පිහියකින් දෑත් කපාගෙන ඇති අතර අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව සැකකරු ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇත.
පසුව සිදුකල පරික්ෂාකිරීමේදී සැකකරු ගමන්ගත් යතුරුපැදියේ අසුන යට ලේන්සුවකින් ගැටගසනලද එස් එෆ් ජි වර්ගයේ ජීව අත්බෝම්බයක් හමු වී ඇති අතර අත් අඩංගුවට පත් සැකකරු හා ජීව අත්බෝම්බය සහ යතුරුපැදිය හා ගංජා මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සහකාර පොලිස් අධිකාරී බී එන් ආර් සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස් බී වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් පොලිස්පරික්ෂක නිලන්ත, උප පොලිස් පරික්ෂක සුජිත් සිල්වා හා පො. කො. 51404 සුගත්, පො. කො.71814 රාජපක්ෂ, පො. කො. 78730 ප්‍රසංග යන නිළධාරින් මෙම සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කරයි.

No comments:

Post a Comment