Thursday, February 7, 2013

දින 3ක් මහියංගනයට වතුර නෑ

මහියංගන නගරයට දින 3ක් තිස්සේ මහියංගන ජලසම්පාදන මණ්ඩලය මගින් පානීය ජලය ලබාදීම අත්හිට වීමෙන් නගර ජනතාව, පාසල, රෝහල, රජමහා විහාරය මහත් අසීරුතාවයකට පත්ව ඇත.

මහියංගන රෝහලේ දෛනික කටයුතු සියල්ල ජලය නොමැති කමින් මේවන විට අඩපන වී ඇති අතර බොහෝ රෝගීන් අවට රෝහල් වෙත මාරුකර යවා ඇතැයි රෝහල් ආරන්චි මාර්ග සදහන් කරනවා. එමෙන්ම රෝහල පාලු ස්වරූපයක් උසුලන අතර වාට්ටු සියල්ල රෝගීන් නොමැති කමින් හිස්ව පවතී. රෝහලේ වැසිකිලි ලන්විය නොහාකි තරමට දුර්ගන්දයක් වහනය වෙමින් පවතී. දැනුම් දීමකින් තොරව මෙසේ ජලය ලබාදීම අත්හිටු වීම තුලින් මහියංගන සියලු නගර වාසීන් අසීරුතාවයකට පත්ව ඇතැයි නගර වාසීන් චෝදනා කරති. මීට පෙරත් අවස්ථා කිහිපයකදී මෙවැනිම ජල ගැටලු ඇතිවී ජනතාව මහත් පීඩාවට පත් කල බවත් ජලසම්පාදනයේ නිළධාරීන් විසදුම් ලබා දීම සදහා මන්දගාමීව කටයුතු කරන බවට ජනතාව චෝදනා කරති.

මහියංගන ජලසම්පාදන මණ්ඩලය නිළධාරින් පවසන්නේ පසුගිය වැසි සමයේ මහවැලි ගගේ ජලය ඉහල යැමෙන් ලිංවල තිබු මෝටර් යට වීමෙන් ජලය පොම්ප කර ගැනීමට නොහැකි නිසා නගරයට ජලය සැපයීමට නොහැකි වී ඇති බවයි.

කාර්මික දෝශ ඇති වු විට පරිහරනය සදහා අමතර මෝටර් හා උපාංග ඇත්නම් ජනතාවත් නිළධාරින්වත් අවම පීඩාවට පත් වෙනු ඇතැයි ජනතාව පවසති.

No comments:

Post a Comment