Friday, February 22, 2013

හඳුන්ගමුවේ අදත් උද්ඝෝෂණ - හිටපු විදුහල්පතිම ඉල්ලති



2013 පෙබරවාරි මස 21 11:30:14 | කාංචන කුමාර ආරියදාස

විල්ගමුව හඳුන්ගමුව නවෝද්‍යා විදුහලේ දේශපාලන හබයෙන් පසු අද එහි වැඩ බාර ගැනීමට ආ නව විදුහල්පතිට එරෙහිව සිසුහු ද, මව්පියෝ ද උද්ඝෝෂණයක් ඇරඹූහ.

අවි ගත් පොලිස් බටයන්ගේ ආරක්ෂාව මැද නව විදුහල්පති වැඩ බාර ගනිද්දී සිසුහු ද, මව්පියෝ ද කාර්යාලය වට කරගෙන සිටියහ.

හිටපු විදුහල්පතිම අවශ්‍ය බවට කෑගැසූහ.

... දේශපාලන ඇඟිලි ගැසීම් නිසා වැඩ කළ නොහැකි යැයි හිටපු විදුහල්පති වසන්ත ඒකනායක මහතා විදුහල්පති පදවියෙන් ඉල්ලා අස්විය.

ඔහු අද පල්ලේගම විදුහලේ ගුරුවරයකු වශයෙන් වැඩ බාර ගත්තේය.

No comments:

Post a Comment