Saturday, February 23, 2013

අනතුරින් මියගිය පුද්ගලයා හදුනා ගැනේ

2013-02-23 ප.ව. 4:19

 මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ බතලයාය මංසන්දිට ආසන්නයේ සිදු වු අනතුරට ලක් වු පුද්ගලයා මේවන විට හදුනාගෙන ඇති අතර දරුවන් 4ක් සිටින ආදිවාසී සම්බවයක් ඇති බිරිද අතහැරගොස් සිටින වයස 60ක සිහි මද ගතියෙන් සිටි පුද්ගලයෙකු බවට මේ වන විට හදුනාගෙන ඇති අතර පලාගිය වාහනය මෙතෙක් හදුනාගෙන නොමැත.

සිහි මද ගතියෙන් සිටි පුද්ගලයක් වීම හේතුවෙන් පාරේ ගමන් කරමින් සිටියදි අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ නිළධාරීන් මෙම අනතුර සම්බන්දයෙන් තවදුරටත් පරික්ෂණ සිදුකරයි.

No comments:

Post a Comment