Friday, February 22, 2013

දරුවාට පහරදුන් ගුරුවරු දෙදෙනා අධිකරණයට - දෙමාපියන් පාසල ඉදිරිපිට විරෝදයක

2013-02-23 පෙ.ව. 8:27

 පැසැල් සිසුවෙකු හට පාසැල් ගුරු විවේකාගාරයක් තුලදී දහවල් 12.30 සිට සවස 3.30 පමන වන තුරු රදවාගනිමින් ගුරුවරුන් දෙදෙනෙකු එක්ව අමානුශික ලෙස පහර දීමෙන...් එම පාසැල් දරුවා 21 දින සවස මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත. ඒ සම්බන්දයෙන් ක්රි යාත්මක වු මහියංගන පොලිස් ස්ථානාධිපති එස් බී වික්ර.මසිංහ මහතා ප්රබමුඛ නිළධාරින් සිද්දිය සම්බන්ද ගුරුවරුන් දෙදෙනා 22 දින අත්අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්රානත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
පහර කැමට ලක්වු මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසලේ 13 වසරෙහි ඉගෙනුම ලබන සම්පත් ප්රකසාද් වීරකෝන් නැමැති සිසුවා තමවත් මහියංගන මුලික රෝහලේ නේවාසිකව ප්රපතිකාර ලබනවා.
සිද්දිය සම්බන්දයෙන් ප්රනදේශවාසින් කම්පනයකට පත්ව සිටින අතර ඊට විරෝදය පැමට 22 දින දහවල් පාසල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුනා. එහිදී විදුහල්පති තුමන් හා ගුරුවරු සමග දෙමාපියන් උණුසුම්කාරීතත්වයක් උද්ගත වු අතර සිද්දිය සමතයකට පත් කිරීම සදහා මහියංගන පොලිස් ස්ථානාධිපති එස් බී වික්රරමසිංහ මහතා ප්රයමුඛ නිළධාරින් කටයුතු කලා. පැය 3ක් පමන නේවාසිකාගාරය තුළ දරුවකු රදවා පහර දෙනතුරු පාසලේ අනෙක් ගුරුවරු කුමක් කලේදැයි දෙමාපියන් ආවේගශිලිව ප්ර ශ්න කරනු ලැබුවා. පහර දී ඇති එක් ගුරුවරයෙක් බොක්සිං ගුරුවරයකු නිසාවෙන් තම දරුවාහට නොසැහෙන්ඩ අතින් හා පයින් පහර දි ඇති බවය දෙමාපියං චෝදනා කල අතර ඒ සදහා දරුවා ඇද සිටි කමිසයේ පා පහරවල් කදිම සාක්ෂි ඇතිබව පැවසුවා.
පාසැල් ශිෂ්යොයකු නේවාසිකාගාරය දෙසින් කැගසන හඩ ඇසී එක් සිසුවෙක් ජනේලයෙන් එබී බලා ඇති අතර වෙනත් ගුරුවරු දෙදෙනෙක් පැමිණ ඔහුට ගුටියක් ගසා පන්නා දැමු බව එම දරුවා ප්රසකාශකරනවා.
දරුවන් හට දඩුවම් කිරිමට ක්රසමවත් ක්ර මයන් තිබියදී ගුරු විවේකාගාර තුලට රැගෙන ගොස් පැයගනන දරුවන් රදවා තබාගෙන බොක්සිං ගැසීමට ගුරුවරුන් හට කිහිම අයිතියක් නැති බව පාසලේ දෙමාපියන් පවසනවා. වගකිවයුතු නිළධාරින් මාදිහත් වී මේ සම්බන්දයෙන් සොයාබලන ලෙස ඉල්ලා සිටී.

විද්යාදලයේ විදුහල්පතිතුමන්ගේ පියාගේ අවමංගල්යන සදහා 20 වන දින බසයකින් ගොස් නැවත පැමිනෙමින් සිටියදී ගුරුවරයකු සමග බසය තුලදී සිදු වු වචන හුවමරුවක් හේතුවෙන් 21 දින දහවල් එම දරුවාහට පාසලේ කාමරයක් තුලට ගෙන්වා ගුරුවරුන් දෙදෙනෙකු විසින් පහර දී ඇත. මෙම සිදු වීම සිදුවන විට පාසලේ විදුහල්පතිවරයා පාසලේ සිට නොමැත.
මහියංගන පොලිසියේ ස්ථානාධිපති එස් බී වික්රිමසිංහ මහතා ප්රලමුඛ නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ සිදු කරන අතර වැඩි දුර පරික්ෂණ ක්රි්යාත්මකයි.

No comments:

Post a Comment