Sunday, February 10, 2013

පදියතලාවේ යකැදුරු රියැදුරාට කස පහර 100ක් - සෞදි උසාවියකින් වසරක සිරදඬුවමකුත්


2013 පෙබරවාරි මස 09 12:03:51 | තිළිණි ද සිල්වා

සෞදි අරාබියේ උම්මුල් හාමමන් පෙදෙසේදී අරාබි කතුන් ඇතුළු පිරිසකට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළ ශ්‍රි ලාංකිකයකුට සෞදි උසාවියකින් කසපහර 100ක් ද වසරක සිරදඬුවමක් ද නියම කර ඇත.

පදියතලාවේ පී.ටී. තුංගසිරිට එම දඬුවම් නියම විය.

රියැදුරකු ලෙස එහි ගිය ඔහු සෞදි නිතියට පටහැනිව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළැයි නඩු පැවැරූ බව සෞදි රජයෙන් රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇත. දඬුවමින් පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමට ද නියම විය.

No comments:

Post a Comment