Wednesday, February 20, 2013

චුඩාමානික්‍ය විකුණගන්න බැරිවෙයි

චෙත්‍යයයක චුඩාමානික්‍ය රුපියල් ලක්ෂ 1.5 කට ත්‍රීරෝද රථයකින් විකිණිමට ගෙන යැමේදී හසලක මිල්ලගස්හන්දියේදී පොලිසිය විසින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් පුද්ගලයා හසලක ප්‍රදේශයේ පදිංච් 45 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මෙම සිද්දියට සම්බන්ද තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම චුඩාමානික්‍ය මේවන තුරු කිනම් ප්‍රදේශයක කිනම් චෙත්‍යයයකින් සොරකම් කල එකක්ද යන්න හදුනාගෙන නොමැති අතර එය හදුනාගැනීම සදහා හසලක පොලිසිය මහජන සහය පතයි.

චුඩාමානික්‍යයේ උස සෙන්ටිමීටර්10 උස අතර  වට ප්‍රමාණය සෙන්ටිමීටර් 15 කි. එහි බර ග්රෑම්  295කි. එහි හැඩය කුඩා කොසෙල්මුවයක හැඩයක් ගනී.

අත්අඩංගුවට ගත්  පුද්ගලයා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර තෙල්දෙනිය සහකාර පොලිස් අධිකාරී තෙන්නකෝන් මහතාගේ උපදෙස්  පරිදි හසලක පොලිසියේ ස්ථානාධිපති රුවන් කුමාරසේකර මහතාගේ අධික්ෂණයෙන් පොලිස් පරික්ෂක සේනාරත්න මහතාගේ මගපෙන්වීමෙන් පො.සැ. 23332 රාජපක්ෂ, පො.සැ. 34874 නවරත්න පො.කො. 35131 රත්නායක වන නිළධාරින් මෙම සිද්දිය පිළිබද පරික්ෂණ පවත්වයි.

No comments:

Post a Comment