Monday, February 18, 2013

බැංකු කොල්ලය වරදී - කළමණාකරුගෙ පුතාත් සැකපිට

2013 පෙබරවාරි මස 17 16:36:07 | . , කාංචන කුමාර ආරියදාස, දිල්රුක්ෂි ග්‍රේරු, මහින්ද විජේසුරිය
 


හඳුන්ගමුව ග්‍රාමීය බැංකුව කොල්ලකෑමට ආ බව කියන දුම්රිය උප ස්ථානධිපතිවරයකු සහ බැංකු කළමණාකරුගේ පුතකු බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලීසිය කියයි.

මොවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් බැංකුවක් කොල්ලකන බවට 119 පොලිස් හදිසි ඇමැතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව සෙනසුරාදා අලුයම දෙකට පමණ විල්ගමු පොලීසිය එහි යද්දී සැකකරුවන් පලා යෑමට උත්සාහ දරද්දී, පොලීසිය දෙදෙනකු අල්ලා ගත් බවත් තවත් කිහිපදෙනකු පැන ගිය බවත් කියති.

No comments:

Post a Comment