Monday, February 25, 2013

මහියංගනයට යළි බුදුන් වැඩියා වගෙයි



2013 පෙබරවාරි මස 24 17:16:01 | . , බන්දුල ගොඩකුඹුර

  බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනින් පූජනීය වූ මහියංගන චෛත්‍ය රාජයා බෞද්ධ කොඩියේ වර්ණයෙන් ආලෝකවත් විය.

බුදුන්වහන්සේගේ කේෂ ධාතු හා ග්‍රීවා ධාතුව නිධන් කර... ඇති මෙම සෑය ඉදිරිපිට දී මාතර බෝසත් පාරමී සංවිධානය පිංකම් රැසක්ම දහස් ගණනක් වූ බැතිමතුන්ගේ සභාගිත්වයෙන් පැවැත්වීය.

උරුලෑවත්තේ ධම්මරක්ඛිත මහියංගන රජමහා විහාරාධිපති නාහිමියන්ගේ සහභාගීත්වයෙන් කහගොල්ලේ සෝමවංස සහ වෙහෙරගල සද්ධාලෝක නාහිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් බෝසත් පාරමී සංවිධානය පෙහෙවස් සමාදන් වීම්, අබතෙල් ආලෝක පූජාව, තෙසැත්තෑ ඥාන පූජාව, ලේ දන්දීම, තිස්සපුර ද්විතියීක විද්‍යාලයට පාසල් උපකරණ හා පොත් ප්‍රධානය, පවුල් 200කට වියළි සලාක පරිත්‍යාග කිරීම හා නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීම ඇතුළු පින්කම් රැසක් සංවිධානය කළේය.

No comments:

Post a Comment