Thursday, February 7, 2013

දඹානේ වෛද්යණ සායනයක්


දඹාන ආදිවාසී නායක තුමන්ගේ සෞඛ පිලිබද සොයා බැලීමක් පසුගිය 25 දින සිදු කල අතර දඹාන ආදිවාසී ගම්මානයේ ආදිවාසී ජනතාව සදහා නොමිලේ වෛද්යග සායනයක් හා නොමිලේ ඖෂද ලබාදීම හා නොමිලේ අක්ෂි පරික්ෂණයක් දඹාන ප්රායථමික විදුහලේදී සිදු කෙරුනා.

මෙම වෛද්යම සායනයේදී දඹාන ආදිවාසී නායක වනනිලා ඇත්තන් රුධිර පරික්ෂණ හා ඊ සී ජි පරික්ෂණයකටද ලක්කල අතර අක්ෂි පරික්ෂණයක් සිදු කර ඔහුගේ සෞඛ තත්වයද පිලිබද සොයා බැලු අතර ආදිවාසී ගම්මානයේ ආදිවාසී ජනතාවගේ සෞඛ පිළිබද සොයා ඒ සදහා ප්රාතිකාර ලබා දීම සිදු කෙරින.

සම්පත් බැංකුව මහියංගන පුර වරය සදහ පැමිණ දසවසරක් සපිරිම නිමිති කර ගෙන වැඩ සටහන් රාශියක් සංවිධානය කර තිබු අතර ජනවාරි 12 දින ලේ දන්දීමේ කදවුරක් මහියංගන සම්පත් බැංකුව පරිශ්රනය තුලදී සංවිධානය කර තිබු අතර 25 දින දඹාන ආදිවාසී ගම්මානයේ වෛද්ය් සායනයක් සංවිධානය කර තිබු අතර ජනවාරි 26 දින දුරුතු පොහෝ දින මහියංගන රජ මහා විහාරයේ දී රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමිපානන්ගේ ප්ර ධානත්වයෙන් බුද්ධානුස්සති භාවනාව විශේෂ ආගමික වැඩ සටහන් සංවිධානය කර තිබුනා. 27 දින මහියංගන රජ මහා විහාරයේ මුල්තැන් බුද්ධ පුජාව හා සපිරිකර සහිත සංඝගත දක්ෂිණාව සමගින් සම්පත් බැංකුව මහියංගන පුර වරය සදහ පැමිණ දසවසරක් සපිරිම නිමිති කර ගෙන සංවිධානය කර තිබු වැඩ සටහන් මාලාව අවසන් උනා. මහියංගන සම්පත් බැංකු කළමණාකාර සුජීව ප්රකනාන්දු මහතාගේ හා නිළධාරි මණ්ඩලයේ සංවිධානයෙන් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කර තිබුනා.

මහියංගනයට ආභරණයක් බදු වු ආදිවාසී නායක තුමන් හා ආදිවාසී ජනතාවගේ සුවදුක් සොයා බැලීම තමන්ගේ වගකිමක් ලෙස සලකා මෙම වෛද්යා සායනය සංවිධානය කල බවත් ඉදිරි සැම වසරකම මෙවැනි වෛද්යෙ සායන සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව මහියංගන සම්පත් බැංකු කළමණාකාර සුජීව ප්රයනාන්දු මහතා වැඩි දුරටත් ප්ර්කාශ කර සිටියා.

No comments:

Post a Comment