Wednesday, February 13, 2013

දේශපාලනේ රිංගා පාසලක් වැසේ - මවුපියෝ දින පහක් පාසල ළඟ


2013 පෙබරවාරි මස 13 17:51:25 | කාංචන කුමාර ආරියදාස

විල්ගමුව අධ්‍යාපන කලාපයේ හඳුන්ගමුව නවෝද්‍යා පාසලට දින පහක් තිස්සේ දරුවන් නොඑවන මවුපියෝ එහි විදුහල්පති වසන්ත ඒකනායක මහතා ඉල්ලා අදත් උද්ඝෝෂණයක් කළහ.
පාසල ඉදිරිපිටට වී දෙමාපියෝ දින පහ තුළදීම පාසලේ ගුරු හිඟයට විසඳුම් හා දරුවන්ට පෙළ පොත් ඉල්ලා සිටිමින් රැඳී සිටිති. දරුවන් පාසල් එවීම නවතා දැමූ බවත්, විසඳුම් ලැබෙන තුරු පාසල අසල රැඳී සිටින බවත් දෙමාපියෝ කියති.
දේශපාලන අතපෙවීම නිසා පාසලට රජයෙන් ලැබිය යුතු වරප‍්‍රසාද රැසක් අහිමි කැර ඇතැයි දෙමාපියෝ කියති. විදුහල්පතිවරයා පාසලේ විදුහල්පති තනතුරින් ඉල්ලා අස්වී ගොස් ඇති බවත්, නැවත එම විදුහල්පතිවරයා ද පාසලට ලබාදෙන ලෙස ද දෙමාපියෝ ඉල්ලා සිටිති.
විල්ගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාර්යාලයෙන් විමසීමට ගිය ද අධ්‍යක්‍ෂකවරයා නියෝජ්‍ය ඇමැතිවරයකු පැමිණෙන බව පවසා පිටව ගොස් ඇති බව එහි නිලධාරියෙක් පැවසීය.
මෙම පාසලේ විදුහල්පති වසන්ත ඒකනායක මහතා ස්වාධීන කණ්ඩායමකින් විල්ගමුව ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකි. ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සහ විදුහල්පතිවරයා අතර ඇති ප‍්‍රශ්න මත විදුහලට ලැබෙන පහසුකම් කප්පාදු කැර ඇතැයි දෙමාපියෝ කියති.

No comments:

Post a Comment