Tuesday, February 19, 2013

අලිහිංදා අලුත් අව්රුද්දට මහියංගනේ ගොවියන්ට හුලං බොන්ඩ වෙන හැඩක්

මේ දිනවල වන අලි ගොවිබිම් වලට වැදී සිදුකරන හානි උග්‍රවී ඇති බවත් රාත්‍රියට වන ජිවී නිළධාරින්ගේ බොහෝ දුරකථන ක්‍රියා විරහිත බවත් වන අලි ගම්වදින විට දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී ගොවිජනතාවට සිදුවන පිඩා අවම කරදෙන ලෙස අතිගරු ජනපති තුමන්ගෙන් හා විෂය භාර අමාත්‍යවරයාගෙන් මහියංගන ගොවිජනතාව ඉල්ලා සිටී.

 

මහියංගන අවට ගම්මාන රැසකට තවමත් වන අලින්ගෙන් සිදුවන කරදර මෙන්ම හානි අඩුවක් වී නොමැති බවත් මේදින වල ගොවිබිම් සියල්ල අස්වනු නෙලීමට ආසන්නව පවතින බවත් වන අලි රංචු පිටින් ගොවිබිම්වලට වැදීම හේතුවෙන් වගා බිම් සම්පුර්ණයෙන්ම විනාශයට පත් කිරීම හේතුවෙන් එලබෙන සිංහල අලුත් අව්රුද්දට අලුත් සහලේ බතක් කන්නට තමන්ට හා පවුලේ සාමාජිකයනට නොහැකි වනු ඇතැයි මහියංගන අවට ගොවිජනතාව මැසිවිලි නගති. මෙම හේතුවෙන් තමන් හා තම පවුල් දිලිදු කමේ අඩියටම වැටී ඇතැයිද එලබෙන සිංහල අලුත් අව්රුද්දට තම දරුවනට අදින්නට වස්ත්‍රයක්වත් අරන් දිමට නොහැකි වනු ඇතැයි ගොවිජනතාව පවසනවා.

 

මීට වසරකට පමණ සිට මහියංගනයට සිදුවන වන අලි හානි අවම කර ගැනීම සදහා මාපාකඩවැව ප්‍රදේශයේ අලිපාලන උප කාර්යාලයක් ආරම්බ කලද අද අක්වා එහි කාර්ය මණ්ඩලය සිටියද පුදුමයට කරුන වන්නේ ඒ ආසන්නයටම මේ දිනවල වන අලි රංචු පිටින් පැමිණ ගොවිබිම්වලට හානි සිදු කරත් ඒ පිළිබද නිළධාරින් තැකීමක් සිදු නොකරන බවත් දුරකථන ඇමතුම් දුන්නද ඔහුන් පැමිනෙන්නේ නැති බවට ගම්වාසින් චෝදනා කරනවා. අලිවෙඩි ලබාගැනීමට ගියත් රත්‍රං බෙදනවා වාගේ බොහොම අමාරුවෙන් අලිවෙඩි දෙක තුනක් ලබාදෙන බවත් ගම්වාසින් පවසනවා. වනජීවී නිළධාරින් ගම්මානවල අලි පැන්නීමට පැමි‍ණෙන්නේ නැතිනම් ගම්වාසීන්ට අලිවෙඩි නිසි ආකාරයෙන් ලබාදෙන්නේ නම් එම රාජකාරිට ගම්වාසීන් සිදු කර ගත හැකි බව ගම්වාසීන් වැඩිදුරටත් පවසනවා.

 

රාත්‍රියට වන ජිවී නිළධාරින් ගේ දුරකථන බොහෝ ඒවා ක්‍රියා විරහිත බවත් දහවලට පමනක් වැඩකරන බවත් දහවලට වන අලි ගම් නොවදින බවත් රාත්‍රියට වන අලි ගම්වදින විට දැනුම් දීමට නිළධාරින් ගේ දුරකථන ක්‍රියා නොකරන නිසා වන අලි ගම්වදින විට දැනුම් දීමට 119 වැනි විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී ගොවිජනතාවට සිදුවන පිඩා අවම කරදෙන ලෙස අතිගරු ජනපති තුමන්ගෙන් හා විෂය භාර අමාත්‍යවරයාගෙන් මහියංගන ගොවිජනතාව ඉල්ලා සිටී.

 

මහියංගන මාපාකඩවැව 20 කණුව ප්‍රදේශයේ වෙහෙරගල යාය, අලුත්කොළනිය, තිස්සපුර යාය 4 , යාය 5  යන ප්‍රදේශයන්ට මේ දිනවල උග්‍ර වන අලි හානි සිදුවන බවත් ගම්වාන මැදින් ගමන් කරමින් වැසිකිලි වලවල්, ලයිට් කණු, ළිං වලටද හානිකර ඇති අතර ගෙවතුවල පොල් ගස් විශාල ප්‍රමාණයක් පෙරලා දමා ඇත.

 

මෙම කරදර කාරී වන අලි රංචුව  මහියංගන ‍සොරබොර වැව, මාපාකඩවැව, දම්බරාව වැව  වැනි වැව් වල කැලෑ කුට්ටිවල රැදී සිටිමින් දිවාකාලය ගත කරන බවත් රාත්‍රියට ගම්වැදී සාමාන්‍ය ජන ජිවිතය අවුල් ජාලයක් බවට පත් කරන බවත් ගොවියන් ගිනිමැලගසා විදුලි බුබුලු ගොවිබිම්වලට යොදා රාත්‍රිය නිදිවරා කුඹුරු ආරක්ෂා කරගැනීමට සිදුව ඇතැයි ගොවිජනතාව පවසනවා.

 

No comments:

Post a Comment