Thursday, February 7, 2013

රජයේ ඉඩමක්‌ ලියා දෙන්නම් කියා බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් ලිංගික අල්ලස්‌ ගන්න ගිහින් දැලේ


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා, හපුතලේ - බුවනෙක, මඩුල්ල - කේ. එම්. පී. බණ්‌ඩාර, සියඹලාණ්‌ඩුව - මාපා තිලකසිරි සහ මොණරාගල - නයන ඉහලගෙදර 2013-02-01

ව්‍යාපාරික කාන්තාවකගෙන් ලිංගික අල්ලසක්‌ ලබාගැනීමට තැත් කිරීමේ සිද්ධියකට බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් ජයන්ත චන්ද්‍රජීව රත්නායක නමැත්තා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (31 වැනිදා) දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙහි පැමිණිලිකාරිය වන්නේ බඩල්කුඹුර, බුත්තල පාරේ පදිංචිකාරියකි. පැමිණිලිකාරියගේ නමට රජයේ ඉඩමක්‌ ලබාදීමට අල්ලස්‌ වශයෙන් ඇය සමග අඹුසැමියන් වශයෙන් හැසිරීමට සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා යෝජනා කර ඇත. ඒ අනුව සැකකාර ලේකම්වරයා කාන්තාව සමග නිල රථයෙන් බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ හෝටලයක්‌ වෙත ගිය අවස්‌ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස්‌ කොමිසම පවසයි.

සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා මොණරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාගේ උපදෙස්‌ මත එහි අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‌ෂ්මි ජයවික්‍රම මහත්මියගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් මෙම සැකකාර ප්‍රාදේශීය ලේකම්වරයා කොටුකරගෙන ඇත.

No comments:

Post a Comment