Thursday, February 7, 2013

රන්දෙණිගල මාළු මහවැලි ගඟට පනිති ධීවරයන්ට පාඩුපිට පාඩු!



රාගල - එස්‌. එම්. ආරච්චිගේ

පසුගියදා වලපනේ හා අවට ප්‍රදේශවලට පතිතවූ මහවැසි සමග රන්දෙනිගල ජලාශයේ විශාල ප්‍රමාණයේ මත්ස්‍යයන් වාන් දොරටු හැරීමත් සමග මහවැලි ගඟට පැන ගිය බවත් එය රන්දෙනිගල ජලාශයේ මසුන් අල්ලන අයට විශාල පාඩුවක්‌ බවත් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව පවසති.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වන රන්දෙණිගල ජලාශයේ ධීවර සමිතියේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතා - මෙම තත්ත්වය මග හැරවීම පිණිස රන්දෙණිගල වේල්ලේ දොරටුවලට අඟල් පහේ යකඩ දැල් සවි කළ යුතු බවත් එවිට වාන් දමන අවස්‌ථාවල මාළුන් පැන යැම වැළැක්‌විය හැකි බවත්, පසුගිය වැසි දිනවල වාන් දැමීමේදී මාළු ටොන් පහක්‌ පමණ ජලාශයෙන් ඉවතට පැන ගොස්‌ ඇති බවත්, මාළුන් වාන් දමන අවස්‌ථාවේ නිදහසේ පැනගිය බවත් සඳහන් කරයි.

මෙසේ විශාල ප්‍රමාණයේ මත්ස්‍යයන් පැනයැම රන්දෙණිගල ධීවරයන්ට විශාල පාඩුවක්‌ බවත් එම තත්ත්වය යටතේ එක්‌ ධීවරයකුට දිනකට මත්ස්‍යයන් කිලෝ දහයක්‌ පමණ අසුවන අතර, කිලෝ තිහක්‌ අල්ලා ගැනීමට හැකිනම් එය ඉතා හොඳ අස්‌වැන්නක්‌ බවත් සඳහන් කරන ගුණවර්ධන මහතා මත්ස්‍යයන් වාන් දැමීම තුළ පැනයැමෙන් ධීවරයන්ට රුපියල් අසූපන් ලක්‌ෂයක පමණ පාඩුවක්‌ සිදුවූ බවත් සඳහන් කරයි.

No comments:

Post a Comment